රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකෙරුණු පෙත්සම නිෂ්ප්‍රභ

කරමින් අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියාචනා පෙත්සමක් ගොනුකර තිබේ.

දේශපාලන ක්‍රියාකාරිකයෙකු වන ඔෂල හේරත් විසින් මෙම අභියාචනා පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර ඇත. 

එහි වගඋත්තරකරුවන් ලෙස රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ ඇතුළු පිරිසක් නම් කර තිබේ.

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බැවින් ඇයට මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා තමා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනුකළ බව පෙත්සම්කරු කියා සිටියි.

එහි තීන්දුව ප්‍රකාශයට පත් කළ ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු එය ඉකුත් දා නිෂ්ප්‍රභ කිරීමට තීන්දු කළ බව පෙත්සම්කරු කියා සිටියි.

එම තීන්දුව සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බව පෙත්සම්කරු පවසයි.

ඒ අනුව අදාළ අභියාචනාධිකරණයේ තීන්දුව නීතියට පටහැනි යැයි තීරණය කරන ලෙස පෙත්සම්කරු අධිකරනයෙන් ඉල්ලා තිබේ.

එසේම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඩයනා ගමගේ ට මෙරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස තේරී පත්වීමට සුදුසුකම් නොමැති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් පෙත්සම්කරු වැඩිදුරටත් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

මේ අතර රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයට එරෙහිව ගොනු කොට තිබූ රිට් පෙත්සම සම්බන්ධ තීන්දුව විවේචනය කිරීමෙන් ඕෂල හේරත් විසින් අධිකරණයට අපහාස සිදු කරන ලදැයි සඳහන් කරමින්, ඒ පිළිබඳ විභාගයක් පවත්වා දඬුවම් කරන ලෙස ඉල්ලා 'විනිවිද පෙරමුණේ' ලේකම් නාගානන්ද කොඩිතුවක්කු අභියාචනාධිකරණයට පැමිණිල්ලක් සිදුකර ඇත.

සබැඳි පුවත් :
ඩයනාට දුන් තීන්දුව විවේචනය කළ ඕෂලට එරෙහිව පැමිණිල්ලක්


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්