leader s

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ සහ බැසිල්

රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් තීන්දුව ඓතිහාසික තීන්දුවක් බව නීතිවේදීන් පවසති.

එහෙත් තීන්දුවට යටත් වු පුද්ගලයින්ගේ තිරණවලින් සියලුම ජනතාවට හානි සිදුවු බැවින් එම සියලු දෙනාට වන්දි ගෙවිම නියෝගයක් ලෙස ප්‍රකාශයට පත් නොවුනු බව ට්‍රාන්ස් පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රි ලංකා ආයතනයේ උද්දේශණ සහ පර්යේෂණ කළමණාකරු නිතිඥ ලසන්තිකා හෙට්ටිආරච්චි 'නෙත් නිව්ස්' කළ විමසීමකදී පැවසුවාය.  

.

අදාළ තීන්දුව හරහා දඩුවමක් ප්‍රකාශයට පත් නොවුනද රටේ ඉහළ ධූර දැරු නිළධාරින්ව වගවීමට සහ වගකිමට ලක් කිරිම අතිශය වැදගත් බව නිතිඥ ලසන්තිකා හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසුවාය. 

.

රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු යැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇතැයි ඊයේ  (නොවැම්බර් 14 වැනිදා) තීන්දු කළේය.

ඒ අනුව හිටපු මහ බැංකු අධිපතිවරුන් වන අජිත් නිවාඩ් කබ්රාල්, මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් එස්.ආර්.ආටිගල, හිටපු ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර, ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය මණ්ඩලය යන පිරිස විසින් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව අග විනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරු තීන්දු කළහ.

ඒ අනුව වගඋත්තරකරුවන් විසින් පෙත්සම්කරුවන්ට රුපියල් 150000/- බැගින් නඩු ගාස්තු ගෙවිය යුතු බවද තීන්දුවේ සඳහන්ය.

වත්මන් ආර්ථික අර්බුදයට වගකිවයුතු පුද්ගලයින් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස නියෝග කරන මෙන් ඉල්ලා ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ හිටපු සභාපති චන්ද්‍රා ජයරත්න, පිහිනුම් ශූරයකු වන ජුලියන් බෝලිං ඇතුළු පිරිසක් සහ කොළඹ විවෘත විශ්වවිද්‍යාලයේ මහාචාර්ය මහිම් මෙන්ඩිස් ඇතුළු පිරිසක් මෙම පෙත්සම් ගොනු කර තිබුණි.


 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්