leader s

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ගේ සහ අභියාචනාධිකරණ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ගේ ආරක්ෂාව තවදුරටත් තර කිරීමට මහජන

ආරක්ෂක අමාත්‍යංශය විසින් පියවරගෙන ඇත.

තමාගේ හිටපු උපදේශවරයකු ගෙන් හා ජනාධිපති කාර්යාලයේ ප්‍රධානියකුගෙන් තමන්ට ජිවිත තර්ජන එල්ලවී ඇතැයි පවසමින් ඇමතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (15) දිනයේ පැමිණිල්ලක් කර තිබේ.

ඒ අනුව, ඊයේ දින සිට ඔහුගේ ආරක්ෂාවට අමතර පොලිස් නිලධාරීන් තිදෙනෙකු ලබා දීමට පොලිස්පතිවරයා විසින් කටයුතු කර තිබේ. ඒ ඔහුට දැනටමත් සිටින නිලධාරින් ප්‍රමාණයට අමතරවය.

ඒ අනුව මේ වන විට ඇමතිවරයාට ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් දස දෙනකුගේ ආරක්ෂාව හිමිව ඇත.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු මෙහෙයවීම සඳහා ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පත් කරනු ලැබූ අතුරු පාලක කමිටුවේ කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමතිවරයාගේ සහ විපක්ෂනයකවරයාගේ බරපතල විවේචනයට ලක්වූ අභියාචනාධිකරණයේ විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න ගේ ආරක්ෂාව තර කිරීමටද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පියවර ගෙන තිබේ.

සිද්ධියට අදාළ පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න නොවැම්බර් 14 වැනිදා ඉවත් විය.  ඒ ඔහුවෙත එල්ලවී ඇති තර්ජන සැලකිල්ලට ගනිමිනි.

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්