leader s

විපක්ෂ නායකටත් එන්න තහනම් වූ කෝප් කමිටුවට රංජිත් බණ්ඩාරගේ පුතා ඇවිත් වාඩි වී සිට ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

පාර්ලිමේන්තුවේදී අද (16) පැවසීය.

කෝප් කමිටුවේ සභාපති වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා කැන්ඩි ක්‍රිකට් කැම්පස් ව්‍යාපෘතියෙ උපදේශකවරයකු ලෙස කටයුතු කර ඇති බැවින් ලැබැදියාව අතර ගැටුම් තත්ත්වය මත මොහු තවදුරටත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙස තබාගත හැකිදැයි විපක්ෂනායකවරයා ප්‍රශ්න කළේය.

මහාචාර්ය රංජිත් බණ්ඩාර ගේ පුතා වන කණ්ෂ්ක බණ්ඩාර කෝප් කමිටුවේ වාඩිවී ඇති බවත් එමගින් තමාගේ වරප්‍රසාද උල්ලංඝනය වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය. 

ඔහු කෝප් කමිටුවට එනතුරු පාර්ලිමේන්තුවේ බලධාරීන් ගත් ක්‍රියාමාර්ග කවරේදැයි ප්‍රශ්න කළ විපක්ෂ නායකවරයා තමාට වත් කෝප් කමිටුවේ වාඩි විය නොහැකි ලෙස තහනම් කළත් පාර්ලිමේන්තු නිලධාරියකු නොවන මේ පුද්ගලයා එහි වාඩි වූයේ කෙසේද කියා ගැටලු සහගත යැයි පැවසීය.

ඊට පිළිතුරු ලබා දුන් කථානායක මහින්ද යාපා අබේවර්ධන පැවසුවේ, තමා එවැන්නක් නොදන්නා බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳ පාර්ලිමේන්තුවට දැනුම් දෙන බවත්ය.

එසේම කෝප් කමිටුවට පිටස්තර පුද්ගලයකුට සම්බන්ධ විය නොහැකි බවත් ඔහු පැවසුවේය.

 

සභාපතිගෙ පුතා ආවේ ස්ථාවර නියෝග අනුව


කෙසේවුවද, විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී මතු කළ පැනයකට පිළිතුරු දෙමින්, ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග පැවසුයේ, කෝප් කමිටුව සදහා එහි සභාපතිවරයාගේ පුත්‍රයා සහභාගී වී ඇත්තේ ස්ථාවර නියෝග අනුව බවයි.

ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග තවදුරටත් මෙසේද සඳහන් කළේය.

'' මෙතුමා චෝදනා කරන මන්ත්‍රීතුමා මේ සභාවේ නෑ. ඒ සභාවේ නැති අවස්ථාවකදී මන්ත්‍රීවරයෙක් සම්බන්ධයෙන් කතා කරන එක සාදාචාර නෑ. විපක්ෂ නායකතුමා එකඟ වෙනවා නම් වරප්‍රසාද ප්‍රශ්නයක් හැටියට අහන්න. ඒක වරප්‍රසාද කමිටුවට දාන්න. ස්ථාවර නියෝග අනුවයි කටයුතු කරලා තිබෙන්නේ. නැත්තම් අපි වැරදි දෙයක් කළා කියලා රටට වැරදිම දෙයක් යනවා.''

කෝප් කමිටුවේ සභාපති වන මහාචාර්ය රංජිත් බණ්ඩාර මන්ත්‍රීවරයා ගේ පුත්‍රයා ඔහුගේ සම්බන්ධිකරණ ලේකම් වශයෙන් කටයුතු කරන බැවින් කෝප් කමිටුවේ කටයුතු සඳහා පාර්ලිමේන්තු සංකීර්ණයේ අදාළ රාජකාරී ස්ථානය වෙත ප්‍රවේශ වීමට 2022 වසරේ ඔක්තෝබර් 13 වැනිදා අවසර ලබා දී ඇති බව ද ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මේ සම්බන්ධයෙන් ලිපි ලේඛන ද ඉදිරිපත් කරමින් වැඩිදුරටත් සඳහන් කළේ ය. 

IMG 0800

IMG 0801

PHOTO 2023 11 16 17 08 06

IMG 0802

IMG 0803IMG 0804


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්