leader s

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් පැවැත්වූ විමර්ශන හිටපු රජයේ බලපෑම මත අඩාල වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නියෝජ්‍ය

පොලිස්පති රවී සෙනවිරත්න ඔස්ට්‍රේලියානු රූපවාහිනි සේවාවක් වෙත ප්‍රකාශ කර තිබේ.

ABC ප්‍රවෘත්ති සේවාව (abc.net.au) වෙත අදහස් දක්වමින් ඔහු ප්‍රකාශ කරන්නේ, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ බලයට පත් වීමත් සමඟ අගමැතිවරයා හෝ කැබිනට් මණ්ඩලය පත්කිරීමට පෙරම සිය විමර්ශන කණ්ඩායම පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ කටයුතුවලින් ඉවත් කළ බවයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විශේෂ වාර්තාමය වැඩසටහනක් ඔස්ට්‍රේලියානු ABC ප්‍රවෘත්ති සේවය විසින් පෙරේදා (නොවැම්බර් 16) විකාශය කර තිබිණි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශන මෙහෙයවූ තමා ඇතුළු කණ්ඩායම අදාළ විමර්ශනවලින් වහා ඉවත් කළේ, කිසිදු දැනුම්දීමකින් තොර බව ද රවී සෙනවිරත්න පවසයි.

Ravi 2023.11.18

 ඇතැම් බුද්ධි අංශ නිලධාරින් මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සමඟ සබඳතා පැවැත්වීම එම පරීක්ෂණවලට බාධාවක් වූ බව ද හිටපු නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න ප්‍රකාශ කරයි.

 
පාස්කු ඉරිදා ප්‍රහාරයට මාස 06කට පෙර නැගෙනහිර වවුනතිව්හී දී පොලිස් මුරපොළක කොස්තාපල්වරුන් දෙදෙනෙකු ඝාතනයට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද නිසි තොරතුරු ලබාදුන්නේ නම්, මෙම මෙම ප්‍රහාරය වැළැක්වීමට හැකියාව තිබූ බව ඔහු එම වැඩසටහනේ දී සඳහන් කරයි.  

එමෙන්ම අමෙරිකානු FBI ඔත්තු සේවාවේ සහායෙන් අනාවරණය කරගත් එක් කරුණක් වන්නේ, පාස්කු ඉරිදා ප්‍රහාරය එල්ල කළ ජාතික තවුහිද් ජමාත් ත්‍රස්තවාදීන් සමඟ රහස්‍ය හමුදා බුද්ධි අංශ මෙහෙයුම් අන්තර්ජාල ලිපිනයක් ඔස්සේ නිරන්තර සන්නිවේදනයක් සිදු ව ඇති බවයි.

මරාගෙන මැරෙන බෝම්බකරුවන් ගේ සමීපතයන් හෝ ප්‍රශ්න කිරීම් ජාතික ආරක්ෂක මෙහෙයුම්වලට බලපාන බව පවසා බුද්ධි අංශ නිලධාරින් දෙවරක්ම වැළැක්වූ බව ද ඔහු ප්‍රකාශ කරයි.

මුලාශ්‍ර පුවත :
Sri Lanka's former government sabotaged probe into Easter Sunday bombings, retired police commander alleges

(adaderana.lk)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්