මෙරට ආර්ථිකය 2024 වසරේදී යම් තරමක අසීරු මට්ටමකට ගියත් 2025 වසරේදී රටේ ආර්ථිකය ස්ථාවරයකට ගෙන ඒම තමන්ගේ අරමුණ

බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

කෙසේ වෙතත් 2024 වර්ෂයේදී මෙරට ආර්ථිකය ධන අගයක් ගනු ඇතැයි ජාත්‍යන්තර මත පලවී ඇති බවත් ජනාධිපතිවරයා කීය. 

ජනාධිපතිවරයා මෙම අදහස් පළකර සිටියේ පසුගියදා මාධ්‍ය ප්‍රධානීන් හමුවූ මොහොතේදීය.

තමන්ගේ මූලික අරමුණ මෙරට ආර්ථිකය දේශපාලනයෙන් වෙන්ව තබා ගැනීම බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කීය.

මෙවර අයවැය මෙරට ඉතිහාසයේ විශාලතම පෞද්ගලීකරණය කරන අයවැය බවත් ඒ නිසා මේ රට හැදීම සඳහා තමන් සමඟ එකතු වන ලෙසට විපක්ෂයට තවමත් ආරාධනා කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.


 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්