leader s

අලව්ව, දිවුලපිටිය, මීරිගම, පන්නල, වෙන්නප්පුව, මීගමුව, කටාන, නාරම්මල සහ දංකොටුව ප්‍රදේශවලට මහ ගංවතුර මට්ටමක් ඇති විය හැකි බව

වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

ඒ, මහ ඔය ද්‍රෝණියේ ඉහළ සහ මධ්‍යම ධාරා ප්‍රදේශවලට අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙනි.

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ එස්. පී. සී. සුගීෂ්වර සඳහන් කළේ, එම ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් කටයුතු කළයුතු බවයි.

මේ අතර නායයෑමේ අවදානමක් හේතුවෙන් කෑගල්ල ශාන්ත ජෝෂප් බාලිකා විද්‍යාලයේ ප්‍රථමික අංශය සහ කෑගල්ල ශාන්ත මරියා දෙමළ විද්‍යාලය ඊයේ (20) වසා තැබීමට තීරණය කර තිබේ.

නායයෑම් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග 2ක් රථ වාහන ධාවනය සඳහා තාවකාලිකව වසා දමා ඇතැයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ සහකාර අධ්‍යක්ෂ ඊ.එල්.ඒ.එම්. උදයකුමාර පැවසීය.

 කෑගල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 3ක් සඳහා නිකුත් කළ නායයෑම් පිළිබද රතු නිවේදන තවදුරටත් බලාත්මකයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේ, කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව, අරණායක සහ කෑගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා එම රතු නිවේදනය නිකුත් කළ බවයි.

ඊට අමතරව බදුල්ල, මහනුවර, කෑගල්ල, කුරුණෑගල, මාතර, රත්නපුර, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසක් සඳහා අදියර එක සහ අදියර දෙක යටතේ නායයාම් අනතුරු ඇඟවීම් ක්‍රියාත්මකය.

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 න් පමණ පසු ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.


Flood warning

Flood warning1 2
(News 1st) 

 

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්