ජාතික ක්‍රීඩාවන් හි අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් රුපියල් මිලියන 290කට ආසන්න මුදලක් ක්‍රීඩා අමාත්‍යංශය වෙත

ප්‍රදානයක් වශයෙන් ලබා දුන් බව පසුගිය දා (නොවැම්බර් 11) මාධ්‍ය හමුවක් කැඳවමින් ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ශම්මි සිල්වා ප්‍රකාශ කරනු ලැබිය. 

එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එම මුදල් වියදම් කළ ආකාරය සැක සහිත බවත්, ඒවා පිළිබඳ කිසිඳු වියදම් වාර්තාවක් ක්‍රිකට් පාලක මණ්ඩලයට ලබා නොදුන් බවත්ය.

ඉන් දින කිහිපයකට පසුව ඊට අදාළ සියලු වියදම් වාර්තා ක්‍රිකට් පාලක මණ්ඩලය වෙතත්, මාධ්‍ය වෙතත් නිකුත් කළ ක්‍රීඩා අමාත්‍යවරයා අදාළ චෝදනාවන් සියල්ල එකහෙළාම ප්‍රතික්ෂේප කරනු ලැබිය.

නමුත් එම වාර්තාවන්හි රොෂාන් රණසිංහ ක්‍රීඩා අමාත්‍ය ධුරයට පත්වීමට පෙර එනම් 2021 සහ 2022 වර්ෂවල යම් යම් සංවර්ධන ව්‍යාපෘතීන් හි වියදම් පවා ඇතුළත්ව තිබීමත්, අනෙකුත් වියදම් වලින් බොහෝමයක් අසත්‍ය කරුණු බවත් පවසමින් සිවිල් ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ ඇතුළු පිරිසක් නීතිවිරෝධී දේපළ හා වත්කම් පිළිබඳ විමර්ශන කොට්ඨාසය වෙත ඊයේ (20) පැමිණිල්ලක් බාරදී ඇත. 



ක්‍රිකට්වලින් රොෂාන්ට දුන් මුදල්වලට වූ දේ

ක්‍රිකට් ආයතනය විසින් ක්‍රීඩා අමාත්‍යාංශය වෙත ලබාදුන් මුදල් වියදම් කළ ආකාරය පිළිබඳව ලිඛිත සාක්ෂි තමන් සතුව පවතින බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ පවසයි.

අද දෙරණ 360 දේශපාලන සංවාදය සමග එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ සඳහන් කළේ, එම මුදල්වලින් කොටසක් සපත්තු දෙකක් නැති, බැට් එකක් නැති, බෝලයක් නැති, සෙල්ලම් කරන්න පිට්ටනිය නැති දරුවන් වෙනුවෙන් වියදම් කළ බවය.

එසේම විවිධ අවස්ථාවල ක්‍රීඩා තරග සඳහා විදේශගතවීමට ක්‍රීඩකයින්ට ටිකට් පත් මිලදීගැනීමටද එම මුදල් යොදාගත් බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර මිලියන 280 චෙක් පත් අත්සන් ලබාගැනීමෙන් අනතුරුව භාරදී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා පැවසුවේ, ක්‍රිකට් ක්‍රීඩකයින් දුක් විඳ ලබාගෙන ඇති මුදල් අනවශ්‍ය දේ සඳහා වියදම් කර නොමැති බවය.

.


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්