leader s

යුද්ධයේදී ඝාතනයට ලක් වු දෙමළ ඊලාම් විමුක්ති කොටි සාමාජිකයන් සිහිපත් කිරීම සඳහා පැවැත්වීමට නියමිත අනුස්මරණ තහනම් කරන ලෙස

පොලීසිය කළ ඉල්ලීම් දෙකක් උතුරේ අධිකරණයක් විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ තෙල්ලිපලෙයි හා අච්චුවේලි පොලීසි විසින් සිදු කළ එම ඉල්ලීම් නොවැම්බර් 20 වැනිදා මල්ලාහම් මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරන ලද බවයි.

නඩු තීන්දුවට පසුදා යාපනය සරසවි භූමියේත්, මුලතිව්හි වන්නිවිලාන්කුලම් විරුවන් සැතපෙන භූමියේත් මල් පහන් පුදා දෙමළ මහවිරු සතියට මුලපුරන ලද බවට වාර්තා ලැබී තිබේ.

 නොවැම්බර් 27 වැනිදාට යෙදී තිබෙන දෙමළ මහවිරු දිනය ඉලක්ක කරගනිමින් උතුරු නැඟෙනහිර පිහිටි මහවිරු සුසාන භූමි සුදානම් කිරිමේ කටයුතු දෙමළ ජනයා විසින් මේ වන විටත් සිදු කරමින් පවතී.

රටේ තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ යේ මිය ගිය සාමාජිකයන් අනුස්මරණය කිරීමට උතුරේ දෙමළ ජනයා සුදානම් වන බැවින් එය තහනම් කිරීමට කටයුතු කරන ලෙස තෙල්ලිපලෙයි හා අච්චුවේලි පොලීසි විසින් මල්ලාහම් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීම් කර තිබු බව පළාත් බද වාර්තාකරුවෝ පවසති.

ඒ සම්බන්ධයෙන් තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මල්ලාහම් මහේස්ත්‍රාත් සාවිත්‍රි සයිලවන් නියෝග කර ඇත්තේ මිය ගිය පුද්ගලයන් අනුස්මරණය කිරීම මානව අයිතිවාසිකමක් වන බැවින් ජාතික ආරක්ෂාවට බාධාවකින් තොරව සිදු කරන අනුස්මරණ තහනම් කළ නොහැකි බවයි.

මහවිරු අනුස්මරණ සංවිධායකයන් වෙනුවෙන් වී. මනිවන්නන් ප්‍රමුඛ නීතිඥ කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටි බව පළාත් බද වාර්තාකරුවෝ වැඩි දුරටත් පවසති.

එල්.ටී.ටී.ඊ. පාලනය යටතේ පැවති දෙමළ ජනතාවගේ භූමි ප්‍රදේශ හමුදාව විසින් අත්පත් කර ගැනීමත් සමඟ, උතුරු සහ නැඟෙනහිර ප්‍රදේශවල මියගිය දෙමළ සටන්කාමීන්ගේ සොහොන් 20,400 ක් පමණ තිබූ සුසාන භූමි 25 කට ආසන්න ප්‍රමාණයක් ඩෝසර් කර සමරු පලක කඩා බිඳ දැමු බවට උතුරේ දෙමළ ජනයා යුද හමුදාවට චෝදනා එල්ල කර තිබේ.

මළවුන්ට ගෞරව දැක්වීම හින්දු සංස්කෘතියේ කොටසක් වනවා සේම , මළවුන්ට ගෞරව දැක්වීම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මූලික අයිතිවාසිකමක් ලෙස ද ප්‍රකාශයට පත් කර ඇත.

honour LTTE 2023.11.20

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්