යුද්ධයෙන් වැඩිම හානියට පත් වන්නියෙන් පස් මසකට ඉහත දී මතුවූ සමූහ මිනීවලේ තෙවැනි අදියරේ කැනීම් කටයුතු සිදු කළ තුන්වැනි දිනයේදී

තවත් පුද්ගලයන් පස්දෙනෙකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබේ.

නොවැම්බර් 22 වැනිදා කැනීම් කටයුතු නිමා කිරීමෙන් පසු සිරුරු ගොඩගැනීම මෙහෙයවන මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව සදහන් කළේ මිනිස් අස්ථි වලට අමතරව පතොරම් සහ එල්ටීටීඊ සාමාජිකයන්ගේ හැඳිනුම් තහඩු ද හමුවු බවයි.

ඒ අනුව මේ දක්වා කොක්කුතොඩුවායි සමුහ සුසානයෙන් පුද්ගලයන් 24 දෙනෙකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබේ.

පුද්ගලයන් දාහත් දෙනකුට අයත් අස්ථි කොටස් ගොඩ ගෙන තිබියදී සැප්තැම්බර් 15 වැනි දා කැනීම් කටයුතු තාවකාලිකව නිමා කළ කොක්කුතොඩුවායි සුසානයේ කැනීම් මාස දෙකකට වැඩි කාලයකින් පසු නොවැම්බර් 20 වැනි සදුදා මුලතිව් මහේස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධික්ෂණය යටතේ යළි ආරම්භ කෙරුනි.

නොවැම්බර් 20 වැනි සඳුදා කැනීම් කටයුතු නිමා කිරීමෙන් පසු සිරුරු ගොඩගැනීම මෙහෙයවන මුලතිව් දිස්ත්‍රික් රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී කනගසභාපති වාසුදේව සදහන් කළේ සුසාන භුමියේ ප්‍රමාණය තීරණය කිරීම රේඩාර් උපකරණ භාවිතයෙන් සිදු කිරීමට නියමිත බවයි.

"මිනී වළ සුද්දකරලා පස් සහ පොලීතින් ඉවත් කරලා කැනීම් කටයුතු ආරම්භ කළා. අධිකරණ නියෝගයට අනුව, මිනී වලේ ප්‍රමාණය තීරණය කිරීම සඳහා රේඩාර් උපකරණ භාවිතා කරලා මිනී වල පරීක්ෂා කිරීමට නියමිතයි. ඒක 23, 24 සහ 25 යන දිනවල සිදු කරනවා."

කොක්කුතොඩුවායි මහාවිද්‍යාලයේ සිට කෝකිලායි දෙසට මීටර් 200ක් පමණ දුරකින් ජුනි 29 වැනි බ්‍රහස්පතින්දා හවස් යාමයේ මිනිස් සිරුරු කොටස් සහ ඇඳුම් කොටස හමුවී තිබුනේ ජල සම්පාදන දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ජලනල එළීමට පොළව හාරමින් සිටියදී ය.

kokkuthuduwai mass grave 35



සබැඳි පුවත් :
කොක්කුතොඩුවායි සමූහ මිනී වලෙන් තවත් ඇටකටු මතුවේ


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්