leader s

ලෝ ප්‍රකට ව්‍යාපාරික, මයික්‍රොසොෆ්ට් සමාගමේ සභාපති බිල් ගේට්ස් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතර

හමුවක් ඩුබායිහි දී අද (03) සිදුව ඇත.

ඩුබායි හි එක්ස්පෝ සිටි හි පැවති එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 28) අතරතුර මෙම හමුවීම සිදුව තිබේ.

ගෝලීය අභියෝග සහ නිවර්තන කලාපය වෙනුවෙන් ශ්‍රී ලංකාවට ලබා දිය හැකි නායකත්වය පිළිබඳ අවධානය යොමු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ බිල් ගේට්ස් අතර සාකච්ඡාවක් COP28 සමුළුව අතරතුරදී සිදු වූ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

කෘෂිකාර්මික නවීකරණය සහ ඊට අදාළ දත්ත පද්ධතියක් පිහිටුවීම මෙන්ම දේශගුණික විශේෂඥතාව වෙනුවෙන්  “Bill & Melinda Gates පදනම” හරහා සහාය ලබා දීමට එහිදී ගේට්ස් ප්‍රතිඥා දී ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර සිටියි.

COP28 1

COP28 2

COP28 3

COP28 4

COP28 5

COP28 6

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්