leader s

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික මහ සම්මේලනය අද (15) පස්වරු 2.00ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඒ සඳහා පක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, පක්ෂ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ ඇතුළු මැති ඇමතිවරුන් රැසක් සහභාගීවීමට නියමිතව ඇත.

ලබන වසර මැතිවරණ වර්ෂයක් හෙයින් ඒ සඳහා පක්ෂය ශක්තිමත් කිරීම ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගනිමින් මෙවර සම්මේලනය පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න ප්‍රකාශ කළේය.

අද පැවැත්වෙන සම්මේලනයේදී පක්ෂයේ ඉහල තනතුරු කිහිපයක වෙනසක් සිදුවනු ඇතැයි පසුගිය දිනවල රාවයක් පැතිර ගියද මේ අවස්ථාවේදී එවැනි වෙනසක් සිදුනොවනු ඇතැයි වාර්තාවේ.

අද පැවැත්වෙන සම්මේලනය සම්බන්ධයෙන් සිය ෆේස්බුක් පිටුවේ සටහනක් පළකර ඇති හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ උපදේශකයකු වන එරන්ද ගිනිගේ, අද දවස ලක් ඉතිහාසයට ඉතා වැදගත් දවසක් බව පවසයි.

ඔහුගේ සටහනේ මෙසේ සඳහන්වේ.

 ''අද පවත්වන පොදුජන පෙරමුණේ පක්ෂ සම්මේලනය තවත් එක් වැඩසටහනක් නොවෙයි. මේක තමයි මේ රටේ මිනිස්සුන්ගෙන් උදුරාගත් දේශපාලන නිදහස නැවත තහවුරු කරන මංගල්‍යය. මේක තමයි ම්ලේච්ඡත්වයට එරෙහිව ප්‍රජාතන්ත්‍රය ස්ථාපිත කරන නිශ්චිත මොහොත. මේක තමයි අසත්‍ය යටපත් කර සත්‍යය රාව ප්‍රතිරාව දෙන අවස්ථාව. මේක තමයි වෛරය පරදා අවෛරය ජයග්‍රහණය කරන බුද්ධ වචනයේ සාක්ෂිය. ඒ නිසා අද දවස ලක් ඉතිහාසයට ඉතා වැදගත් දවසක්. ඒ දවස උදාකර ගැනීම වෙනුවෙන් ඇප කැප වූ පොහොට්ටුවේ නායකයන් ඇතුළු සියලුම සහෝදර සහෝදරියන්ට අපගේ හෘදයාංගම ස්තුතිය! ධර්මය අපට මග වේවා!

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්