පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදු වූ බව පැවසෙන මිග් යානා ගනුදෙනුවේ සැකකරු ලෙස නම් කර සිටින රුසියාවේ සහ යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග අද හෙටම යළි දිවයිනට පැමිණීමට නියමිතබව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

ඒ, මෙරට පැවැත්වෙන අධිකරණ ක්‍රියාමාර්ගයක සැකකරුවකු ලෙස ඔහුව නම් කර ඇති බැවින් ඔහුව ශ්‍රී ලංකාවට  ලබා දෙන්නැයි පසුගිය රජය සමයේ දී පොලිස් මුල්‍ය අපරධ විමර්ශන අංශය (FCID) විසින් එරට බලධාරීන්ගෙන් කළ ඉල්ලීමකට ලැබුන 'සහනයක්' අනුවය. 

අධිකරණය මඟහැර සිටි ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය, ජාත්‍යන්තර පොලිසිය වෙත මීට වසර කිහිපයකට පෙර වරෙන්තු පවා නිකුත් කර තිබිණ.

ඒ අතර 2018 පෙබරවාරි 04 දා උදෑසන ඩුබායි ගුවන්තොටුපලේදී ඔහු අත්අඩංගුවට පත්විය. නමුත් එවර ඩුබායි බලධාරීන් ඔහු මුදාහැර තිබුණේ ශ්‍රී ලංකාව භාරදීමට අවශ්‍ය නිත්‍යානුකූල ලියකියවිලි තමන්ට ලැබී නැති බව පවසමිනි.

ඉන් පසු අවශ්‍ය ලියකියවිලි ලබාදීමෙන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ බලධාරීන් විසින් 2018 මාර්තුවේ ඔහු යළි අත්අඩංගුවට ගෙන තිබිණ.  මේවනවිටත් ඔහු ඩුබායි හි රිමාන්ඩ් බාරයේ පසුවේ. 

ජනාධිපති පත්කල පළිගැනීමේ සොයා බැලීම් කමිටුව !

රුසියාවේ සහ යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට චෝදනා එල්ල වේ.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන උදයංග වීරතුංග විසින් ඔහුට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග හඳුන්වනු ලබන්නේ "දේශපාලන පළිගැනීමක්" ලෙසය.

ඔහු දිවයිනට පැමිණි වහාම පසුගිය පාලන සමයේදී ඔහුට එරෙහිව සිදුකළ දේශපාලන පලිගැනීම සම්බන්ධයෙන් නිත්‍යානුකුලව කටයුතු කිරීමට ඔහුගේ නීතිඥයින් මේවනවිටත් කටයුතු කරමින් සිටින බව ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

2015 ජනවාරී 08 වැනිදාත් 2019 නොවැම්බර් 16 වැනිදාත් අතර කාලය තුළ සිදුවී ඇතැයි කියන දේශපාලන පළිගැනීම් පිළිබඳව පරීක්‍ෂා කොට කොට තොරතුරු ලබාගැනීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පසුගියදා ජනාධිපති පරීක්‍ෂණ කොමිසමක් පත්කල  අතර එහි  සාමාජිකයින් වශයෙන් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න (සභාපති) විශ්‍රාමික අභියාචනාධිකරණ විනිසුරු චන්ද්‍රා ජයතිලක හා විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන් කටයුතු කරයි.

පවුලේ ඥාතියෙක් :

උදයංග වීරතුංග රාජපක්ෂගේ පවුලේ ඥාතියෙකි. 

මහින්ද රාජපක්ෂ ඒකාබද්ධ විපක්ෂයේ නායකයාව සිටිය දී විදේශ සංචාරවල නියැලුණු ඇතැම් අවස්ථාවලදී උදයංග වීරතුංග ද ඔහු සමග සිටින ආකාරය දැක්වෙන ඡායාරූප මීට පෙර මාධ්‍ය ඔස්සේ පළ වී තිබිණි. ඒ, ඔහුට එරෙහිව ජාත්‍යන්තර රතු නිවේදන පවා නිකුත්ව තිබිදීය. 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්