පාතාලය, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා බෙදාහරින්නන් සොයා ක්‍රියාත්මක කෙරෙන 'යුක්තිය' විශේෂ මෙහෙයුම්

ක්‍රියාත්මක කළ පළමු දිනයේම 83 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් පැවැසීය.

එම අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතරින් 45 දෙනෙකු මත්ද්‍රව්‍ය වැරැදි සඳහා පොලිසියට අවශ්‍යව සිටි සැකකරුවන් බව ද ඔහු කීය.

මෙම මෙහෙයුම දිගටම ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන අතර කවර හෝ තරාතිරමක අයකුගේ බලපෑම්වලට යටත් නොවී නීතිය තදින් ක්‍රියාත්මක කරන බවද ඇමතිවරයා පැවැසීය.

වැල්ලම්පිටියෙන් 55 දෙනෙකු අත්අඩංගුවට


වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ උපදෙස් මත දිවයින පුරා මේ වනවිට සිදු කෙරෙමින් පවතින 'යුක්තිය මෙහෙයුම'ට අදාළව වැල්ලම්පිටිය පොලිස් බල ප්‍රදේශයේ පමණක් සැකකරුවන් 55 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම සහ සංවිධානාත්මක අපරාධ මැඩලීම සඳහා මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කෙරුණේ අද (17) අලුයම හතරේ සිටයි.

dfser43

දිවයින පුරා පොලිස් කොට්ඨාස 45 ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන මෙම මෙහෙයුමට පොලිස් විශේෂ කාර්ය බලකාය මෙන්ම ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන්ද එක්ව සිටිති.

නියෝජ්‍ය පොලිස්පතිවරු 9 දෙනෙකු විසින් මෙම මෙහෙයුමේ සියලු අධීක්ෂණ කටයුතු සිදුකරන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය. 

 
වත්තල පොලිස් වසමේනුත් මත්ද්‍රව්‍ය සොයාගනී  

මෙම වි⁣ශේෂ මෙහෙයුම යටතේ කැළණිය කොට්ඨාසයේ වත්තල පොලිස් වසමේ අංක 168 පල්ලිය වත්ත ප්‍රදේශයේදී අද දින සිදුකරන ලද මෙහෙයුමේදී හෑෂ් මත්ද්‍රව්‍ය 35kg ක්, හෙරොයින් මත්ද්‍රව්‍ය 635g ක් සහ අයිස් මත්ද්‍රව්‍ය 10g ක් සමග සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

සැකකරුවන් රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.


දැවැන්ත කේරළ ගංජා ගබඩාවක් කොටුවෙයි

මෙම මෙහෙයුම යටතේ පොලිස් විශේෂ කාර්ය බළකාය සිදුකළ විශේෂ වැටලීමකදී කේරළ ගංජා කිලෝ 100කට ආසන්න ප්‍රමාණයක් සොයාගැනීමට සමත්ව තිබේ.

ජාඇල ප්‍රදේශයේ නිවසක සඟවා තිබියදී ලද තොරතුරකට අනුව මෙම කේරළ ගංජා තොගය සොයාගෙන ඇත.

මෙම කේරළ ගංජා තොගයේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි 2කට පමණ ආසන්න බව අනාවරණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.


කිලිනොච්චියෙදී කාන්තාවක් අත්අඩංගුවට

කේරළ ගංජා කිලෝ 68යි ග්‍රෑම් 305ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් කිලිනොච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ඒ, කිලිනොච්චිය පොලිස් මූලස්ථානයට ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් කණ්ඩායමක් කිලිනොච්චිය පොලිස් වසමේ භාතිපුරම් ප්‍රදේශයේ සිදු කළ වැටලිමකදීය.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38ක් වන කිලිනොච්චිය , භාරතිපුරම් ප්‍රදේශයේ සැකකාරියකි.

මේ සම්බන්ධයෙන් කිලිනොච්චිය පොලිසිය මඟින් සිදු කරන බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය. .

000kili 2

000kili 1

000kili 3

 

 
සබැඳි පුවත් :

'මාස කිහිපයකින් පාතාලය නැති කරන්නම්, උදව් කරන්න' - දේශබන්දු තෙන්නකෝන්

'මම පොලිසියට කාලය දීලා තියන්නේ ජූනි 30 වෙනකම් විතරයි' - ඇමති ටිරාන්

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්