රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග අද(14) අළුයම කටුණායක බන්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන්

දිවයිනට පැමිණ ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේවන විට ඔහුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව වාර්තා වෙයි.

හිටපු තානාපති උදයංග වීරතුංග අද අලුයම 4.37 ට මස්කට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 208 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබු බව theleader.lk වාර්තාකරු පවසයි.

පසුගිය රාජපක්ෂ ආණ්ඩු සමයේ සිදු වූ බව පැවසෙන මිග් යානා ගනුදෙනුවේ සැකකරු ලෙස නම් කර සිටින රුසියාවේ සහ යුක්රේනයේ හිටපු තානාපති උදයංග වීරතුංග අද හෙටම යළි දිවයිනට පැමිණීමට නියමිතබව theleader.lk  ඊයේ (13) වාර්තා කළේය.

ඊයේ වනතුරු මාස 4කට ආසන්න කාලයක් ඔහු ඩුබායි හි රිමාන්ඩ් භාරයේ පසුවිය.

 

ඡන්දය අවසන් වනතෙක් ඇතුලට දාන ලකුණු !

මෙරට පැවැත්වෙන අධිකරණ ක්‍රියාමාර්ගයක සැකකරුවකු ලෙස ඔහුව නම් කර ඇති බැවින් ඔහුව ශ්‍රී ලංකාවට  ලබා දෙන්නැයි පසුගිය රජය සමයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් එරට බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබිණ.

එහෙත්, නව රජය බලයට පත්වූ පසුව මේ මොහොතේ ඔහුව මෙරටට අනවශ්‍ය බව දන්වා එරටට ලිඛිතව දැනුම් දීමට සැලසුම් කර තිබුන ද එවැනි ඉල්ලීමක් නොකරන්නැයි ආණ්ඩුවේ ඉහලම බලධාරියෙක් දැඩිව පවසා තිබු බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවට දයංග වීරතුංගට චෝදනා එල්ලවී ඇති බැවින් මහ මැතිවරණයක් ආසන්නයට පැමිණ ඇති අවස්ථාවක එකවර ඔහුව මුදාහැරිය නොහැකි බව ආණ්ඩුවේ බලධාරියකු විසින් උදයංගගේ පවුලේ සාමාජිකයින් වෙත දැනුම් දී ඇතැයි ද ඉහත ආරංචිමාර්ග වැඩිදුරටත් පවසයි.

තමාට එරෙහි චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන උදයංග වීරතුංග, ඔහුට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග හඳුන්වනු ලබන්නේ "දේශපාලන පළිගැනීමක්" ලෙසය.

සබැඳි පුවත් :

උදයංග වීරතුංග අද හෙටම ශ්‍රී ලංකාවට !

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්