leader s

තමා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (18) පස්වරුවේ දී කැබිනට් මණ්ඩලයට දැනුම් දී ඇත.

ලබන ජනවාරි මාසයේ සිට ඒ සඳහා වූ ප්‍රචාරක කටයුතු ආරම්භ කෙරෙන බව සඳහන් කර ඇති ජනාධිපතිවරයා,  සියලු අමාත්‍යවරුන්ගේ සහය ඒ සඳහා ලබාදෙන ලෙස ඉල්ලා ඇත්තේ කැබිනට් රැස්වීමෙන් අනතුරුවය. 

මේ අතර ප්‍රකට ව්‍යාපාරික, ධම්මික පෙරේරා මන්ත්‍රීවරයා 'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම්කර ඇතිබවට පලවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

පක්ෂයක් ලෙස එවැනි තීරණයක් මෙතෙක් ගෙන නොමැතිබව එම පක්ෂයේ ප්‍රධානියකු පැවසිය.

එවැනි තීරණයක් ගන්නේ නම් පක්ෂයේ දේශපාලන මණ්ඩලය අනිවාර්යයෙන් රැස්විය යුතු බවත් පසුගිය සෙනසුරාදායින් පසු නැවත දේශපාලන මණ්ඩලය රැස්වී නොමැති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්