'යුක්තිය' මෙහෙයුම යටතේ ඊයේ (22) දිනය තුලදී සැකකරුවන් 1676 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් සැකකරුවන් 119 ක් සම්බන්ධව

රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

එසේම, සැකකරුවන් 45 දෙනෙකු සම්බන්ධයෙන් නීති විරෝධි වත්කම් විමර්ශන ආරම්භ කරනු ලබන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවු පුද්ගලයින් 112 දෙනෙකු පුනරුත්තාපන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇත.

එසේම, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ විශේෂ කාර්යංශය ලේඛනගත සැකකරුවන්ගේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 132 දෙනෙකු මෙදින මෙහෙයුමේදී අත්අඩංගුවට ගෙන ඇත.

දෙසැම්බර් 22 දින පැය 0030 සිට 23 වන දින පැය 0030 දක්වා කාලය තුල සිදුකරන ලද 'ශක්තිය' විශේෂ මෙහෙයුමේදී පහත මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

* හෙරොයින් 692g
* අයිස් 393g
* ගංජා 42kg 100 g
* ගංජා පැල 235,680 ක්
* හෂීෂ් 438g
* මාවා 11kg
* ඈෂ් 534g
* තූල් 32g
* මදන මෝදක 01Kg 200g
* මත්පෙති 20,615

Chart 2023.12.23

තහවුරු නොවූ කෝටි තුනක වත්කම් බෙම්මුල්ලෙන් අල්ලයි

image 183f9cacae
බෙම්මුල්ල  ප්‍රදේශයේදී මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවට සැක කෙරෙන අයකු සතු රුපියල් කෝටි තුනකට අධික දේපළක් සිය බාරයට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.

පොලීසියට ලද තොරතුරක් මත සිදු කළ මෙම වැටලීමේදී එම පුද්ගලයාගේ නිවසේ තිබූ මගී ප්‍රවාහන බස්රථ දෙකක්, කුඩා ලොරි දෙකක්, ත්‍රී රෝද රථයක්, යතුරු පැදි පහක් සහ අගල් 65 ප්‍රමාණයේ රූපවාහිනී යන්ත්‍රයක් අත් අඩංගුවට ගනු ලැබූ බව පොලීසිය පවසයි.

නීති විරෝධීව උපයාගත් දේපල බවට සැක කෙරෙන මෙම රථ වාහන සහ ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි තුනකට අධික විය හැකි බවත් පොලීසිය සඳහන් කරන අතර මෙම දේපල අයත් බව කියන පුද්ගලයා සහ බිරිද ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද කියයි.


තවත් කෝටි 13ක දේපල පොලිස් බාරයට


'යුක්තිය' මෙහෙයුමට සමගාමීව සංවිධානාත්මක අපරාධ සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අයත් තවත් දේපල රැසක් ඊයේ (22)  දින නීති විරෝධි වත්කම් හෝ දේපල විමර්ශන කොට්ඨාසයේ නිළධාරීන් විසින් දේපල තහනමට ගෙන ඇත.

විදේශගතව සිට ඉතා ක්ෂුක්ෂම ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකර එම ජාවාරමෙන් උපයාගන්නා ගන්නා ලද මුදල් භාවිතා කර මෙම වාහන සහ දේපල මිලදී ගෙන ඇති බවට විමර්ශන නිළධාරීන් වෙත අනාවරණය වීමෙන් පසුව මෙම දේපල තහනමට ගැනීම සිදු කර තිබේ.

තහනමට ගත් වාහන සහ දේපල පහත පරිදි වේ.

* අඩි 45 ක බහුදින යාත්‍රා 01 ක්
* KDH වෑන් රථ 01 ක්
* TOYOTA CHR වර්ගයේ ජීප් රථ 01 ක්
* WAGON R වර්ගයේ කාර් රථ 01 ක්
* හික්කඩුව ලිපිනයේ තට්ටු 03 කින් සමන්විත ගොඩනැගිල්ල
* හික්කඩුව මහමෝදර පාලම අසල මහල් 04 කින් යුත් Villa 01 ක්
* හික්කඩුව මහමෝදර පාලම අසල මහල් 03 කින් යුත් Villa 01 ක්
* රත්‍රං පවුම් 30 ක්
Deshaya1
ඉහත පරිදි තහනමට ගත් වාහන සහ දේපල වල මුළු වෙළදපල වටිනාකම ලක්ෂ 1340 කට ආසන්න බවට අනාවරණය වී ඇතැයි පොලිස් මුලස්ථානය පවසයි.

ගාල්ල ප්‍රදේශයේ නීති විරෝධී ලෙස උපයාගත් දේපල දෙකක් නිරීක්ෂණය කිරීම සඳහා වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් ද එම ප්‍රදේශයට ගොස් තිබිණ.



'යුක්තිය' මෙහෙයුමට සමගාමීව සිදුකරන ලද මෙහෙයුම් වලදී කොළඹ දකුණ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරීන් කණ්ඩායමක් විසින් යතුරු පැදි සොරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුකරනු ලබන සැකකරුවෙකු සම්බන්ධයෙන් ලද තොරතුරු මත සිදුකළ විමර්ශන වලදී එම සැකකරු විසින් දිවයිනේ විවිධ ප්‍රදේශ වල සොරකම් කරන ලද යතුරු පැදි 19 ක් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු විසින් සිදුකරන ලද බස්නාහිර පළාතේ යතුරු පැදි සොරකම් 12 ක් සහ දකුණ පළාතේ යතුරුපැදි සොරකම් 07 ක් අනාවරණය කරගැනීමට විමර්ශන නිළධාරීන් විසින් කටයුතු කර ඇති අතර, මෙම අපරාධකරු සම්බන්ධයෙන් රැදවුම් නියෝග මත තවදුරටත් විමර්ශන සිදුකරනු ලබයි.


‘යුක්තිය’මෙහෙයුමේ ඉලක්කය කුමක් ද ?


මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් පසුගිය කාල වකවානුව පුරාවට මෙරට ජන සමාජය තුළ කතාබහට ලක්වන ප්‍රබල මාතෘකාවක් වුයේ දිනෙන් දින ඉහළ යන මත්ද්‍රව්‍ය සහ අපරාධ හේතුවෙන් තරුණ පරපුර ඊට ගොදුරුවීම සමාජ ව්‍යවසනයක් බවට පත්වෙනු ඇතැයි බොහෝ විද්වතුන් අදහස් පළ කිරීම හේතුවෙනි.

ඉහළ යන සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් ඇතැම් අවස්ථාවලදී නීතිය ආරක්ෂා කරන නිලධාරීන්ට දුරකථනයෙන් තර්ජනය කළ අවස්ථා සම්බන්ධයෙන් ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් වරක් ප්‍රසිද්ධියේ අදහස් පළකර සිටියේ මිට සති කිහිපයකට ඉහතදීය.

මෙවැනි පසුබිමක් යටතේ රට තුළ ඉහළ යන මෙම අපරාධ සහ මත්ද්‍රව්‍ය සම්බන්ධ ජාවාරම් මැඩලීම සඳහා පොලීසිය මේ වන විට මෙහෙයුමක් දියත් කර තිබේ. ඒ වැඩබලන පොලිස්පති ධුරය සඳහා දේශබන්දු තෙන්නකෝන් පත්වීමෙන් දින කිහිපයකට පසුවය.

මෙම නව මෙහෙයුම සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව පැවසුයේ, සමස්ත දිවයිනම ආවරණය වන පරිදි "යුක්තිය" නමින් මෙම මෙහෙයුම දියත් කර ඇති බවයි.


''සතුටුදායක ප්‍රතිඵල ලැබී තියනවා''


පොලිස් දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාවට නංවා ඇති මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ මත්ද්‍රව්‍ය ජාවාරම අඩපණ කොට ඊට සම්බන්ධ සංවිධානත්මක අපරාධ ජාලය බිඳ දැමීම බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

"මේ යුක්තිය මෙහෙයුම පසුගිය දෙසැම්බර් 17 වෙනිදා පටන් ගත්තා. මුළු පොලිස් දෙපාර්තමේන්තුවම පිරිස් බලය මේකට යොදවලා මත්ද්‍රව්‍ය ජාලය අඩපණ කරන එකයි අපේ සැලසුම. නමුත් මේ මෙහෙයුම අඛණ්ඩව ඉදිරියට කරගෙන යන එකක්."

"මේ මත්ද්‍රව්‍ය ජාලය ඔවුන්ගේ පෙර වැරදි එක්ක අප අඳුන ගත්ත පුද්ගලයින් පිරිසක් ඉන්නවා. ඔවුන් තාම ඒ ක්‍රියාවලියේ යෙදී ඉන්නවා. අපි ඔවුන්ව තමයි ඉලක්ක කර තියෙන්නේ. ඒ ජාලය බිඳ දමන්න වගේම මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වෙලා ඉන්න පිරිස් පුනුරුත්ථාපනය කරන එකයි මේ මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වෙලා තියෙන්නේ. ඒ වගේම මේ දේ කරද්දී සංවිධානත්මක අපරාධකරුවන් ඉබේම කොටු කර ගන්න හැකියාව ලැබෙනවා."

"එතැනින් එහාට පවතින තත්ත්වය පාලනය කර ගත්තම අපිට හැකි වෙනවා. අත්අඩංගුවට ගන්නා පුද්ගලයින් ගෙන් ලැබෙන තොරතුරු පදනම්ව ඉදිරි මෙහෙයුම් කටයුතු කරන්න." ඔහු පැවසුවේය.


මෙහෙයුමේ වැඩිම අවදානය යොමු වූ පළාත් මොනවාද ?


යුක්තිය මෙහෙයුමේදී වැඩි අවදානයක් යොමු වී ඇති පළාත් සම්බන්ධයෙන් ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව මෙසේ අදහස් පළකර සිටියේය.

"මේ මෙහෙයුම ලංකාව පුරාම සිද්ධ වෙනවා. නමුත් ඒකේදී වැඩි අවදානයක් යොමු කරනවා බස්නාහිර, වයඹ සහ දකුණු පළාත්වලට.අනිත් පළාත් වලටත් අපේ මෙහෙයුම් කරනවා. සමහර පළාත් තිබෙනවා කසිප්පු වැනි නීතිවිරෝධී මත්ද්‍රව්‍ය වැඩියෙන් තිබෙන ස්ථාන. ඒ වගේම උතුරු පළාතේ ගංජා වැනි මත්ද්‍රව්‍ය වැඩි. මේ වගේ අංශ ඔස්සේ අපි මුලික අවදානය යොමු කර තිබෙනවා" ඔහු කියා සිටියේය.

එමෙන්ම මෙම මෙහෙයුම මගින් සතුටුදායක ප්‍රතිඵල ලැබී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්