මෙම පාතාල සාමාජිකයින් අතර “මහවත්තේ චාමර” සහ “කුඩු දුමින්ද” ද සිටින අතර “මහවත්තේ චාමර” මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදීමට නියමිත අතර, කුඩු දුමින්ද වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිතය.
මෙම සැකකරුවන් එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත පළා ගොස් සැඟව සිටියදී එරට ආරක්ෂක නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වී රක්ෂිත බන්ධනාගාරගත පසුවී තිබේ.
ඒ, මැදපෙරදිග යුද්ධයේදී භාවිත කළ ඩ්‍රෝන යානා, මිසයිලවල වීඩියෝ සහ ජායාරූප ඔවුන්ගේ ජංගම දුරකථන තුළ තිබී සොයාගැනීමෙන් අනතුරවය.
පසුව මෙම 21දෙනා ඊයේ (22) උදෑසන ගුවන්යානා දෙකකින් මෙරටට පිටුවහල් කර එවා තිබුණි.
මෙම පිරිස අතර තරුණියන් දෙදෙනෙකු සිටින අතර සෙසු 19 දෙනා පිරිමි පුද්ගලයින්ය.
සාජා නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ජී.9.- 587 දරන ගුවන් යානයෙන් සහ එම ගුවන් සේවයේ ජී.9.- 502 දරන ගුවන් යානයෙන් මෙම 21දෙනා කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබුණි.
ඒ වනවිට කටුනායක ගුවන්තොටුපොළ අවට ප්‍රදේශයේ පැවති අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් එම ගුවන්යානා මත්තල ගුවන්තොටුපොළ වෙත යොමු කෙරුණි.
කාලගුණික තත්ත්වය යහපත් වූ පසු මෙම මෙම ගුවන්යානා දෙක මත්තල සිට යළිත් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ.
එහිදී G9- 587 දරන ගුවන් යානයෙන්,
* කොළඹ ප්‍රදේශයේ පදිංචි පොතුමුල්ල කන්කානම්ගේ චානුක පුෂ්පකුමාර, කිරුපනන්ද කෙව්තෙමාන්, කලුපෙ මහහේවගේ චලන සංගීත්, මොහොමඩ් සප්රාස් හා
* මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි මල්දෙණියගේ කසුන් සච්චන,
* ගම්පහ ප්‍රදේශයේ පදිංචි වලිමුණිදේවගේ මධුසංඛ පුෂ්පලාල්,
* රාගම ප්‍රදේශයේ පදිංචි දිනුක ප්‍රභාත්,
* අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචි දිල්ෂාන් සුගත් කුමාර,
* ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි ගොඩමුණේ විතානගේ අජිත් කුමාර,
* මීගමුව ප්‍රදේශයේ පදිංචි ප්‍රදීප් කුමාර යන 10 දෙනා කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන විත් ඇත.
G9 502 දරන ගුවන් යානයෙන්,
* කොළඹ ප්‍රදේශයේ පදිංචි කලුතරගේ චතුර බුද්ධික, කලුපෙ මහහේවගේ ගෙහානි ගෞෂිකා, අචිල නිරංග කුමාර, තෝල්ක මුදියන්සේලාගේ රොෂාන් ප්‍රදීප් රුද්‍රිගු, අනුරාධ උපශාන්ත ප්‍රනාන්දු,
* මාරවිල ප්‍රදේශයේ පදිංචි අඹගහගේ සුපුන් තිළිණ, සුන්දරදාස් සුලෝචනා,
* එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පදිංචි වී සිටි ක්ලැරන්ස් දිනේශ් මධුසංඛ,
* මුන්දලම ප්‍රදේශයේ පදිංචි වීරබාහු මුදියන්සේලාගේ තුසිත ප්‍රදීප්,
* වාරියපොළ ප්‍රදේශයේ පදිංචි සුරත් තුෂාර පෙරේරා සහ
* දෙහිවල ප්‍රදේශයේ පදිංචි සමන් පුෂ්පලාල් පෙරේරා යන 11දෙනා පිටුවහල් කර එවා තිබුණි.
මොවුන් දිවයිනට පැමිණි වහාම කටුනායක ගුවන් තොටුපළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) සහ බුද්ධි අංශ මගින් භාරගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ආරම්භ කර තිබේ.
මොවුන් අතර ලංකාවේ ප්‍රධාන පෙළේ සංවිධානාත්මක අපරාධකරුවන් කිහිපදෙනෙකුගේ ප්‍රධානතම ගෝලයන් සහ මත්ද්‍රව්‍ය ජාලයන් මෙහෙයවූවන් සිටින බව ආරක්ෂක අංශ සැක කරයි.
මොවුන් මෙරට තුළ සිදුකර ඇති මිනීමැරුම්, කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ඇති සෘජු සම්බන්ධතා හඳුනාගැනීම සඳහා දැනටමත් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන පවත්වයි.
ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව මොවුන්ගෙන් ලංකාවේ වරෙන්තු නිකුත් කර ඇති පුද්ගලයන් අදාළ අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම පිටුවහල් කිරීම මෑතකාලීනව මෙරට පාතාල කල්ලි මර්දනය කිරීම සඳහා ක්‍රියාත්මක වන විශේෂ මෙහෙයුම්වල තවත් එක් සාර්ථක පියවරක් ලෙස ආරක්ෂක අංශ පෙන්වා දෙයි.
(මුලාශ්‍රය | aruna)
ඩුබායි සිට මෙරටට එවූ පාතාලේ 21දෙනා ගැන තොරතුරු මෙන්න
T
The Leader Desk
May 23, 2026 • 3:39 AM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- මෙම පාතාල සාමාජිකයින් අතර “මහවත්තේ චාමර” සහ “කුඩු දුමින්ද” ද සිටින අතර “මහවත්තේ චාමර” මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදීමට නියමිත අතර, කුඩු දුමින්ද වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට භාරදීමට නියමිතය.
- පසුව මෙම 21දෙනා ඊයේ (22) උදෑසන ගුවන්යානා දෙකකින් මෙරටට පිටුවහල් කර එවා තිබුණි.
- මෙම පිරිස අතර තරුණියන් දෙදෙනෙකු සිටින අතර සෙසු 19 දෙනා පිරිමි පුද්ගලයින්ය.
- සාජා නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ජී.9.- 587 දරන ගුවන් යානයෙන් සහ එම ගුවන් සේවයේ ජී.9.- 502 දරන ගුවන් යානයෙන් මෙම 21දෙනා කටුනායක ගුවන්තොටුපොළ වෙත එවා තිබුණි.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



