leader s

විදෙස් රටවලින් ගෙන්වන ඖෂධ වරායෙන් මුදා හැරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරිය දෛනිකව ලබා දිය යුතු නිර්දේශ ශ්‍රී ලංකා රේගුවට

ලබා නොදීම නිසා ඖෂධ තොග සිර වී ඇති බව ඖෂධ කර්මාන්තකරුවන්ගේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය ප්‍රකාශ කරයි.

එම මණ්ඩලය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියක සඳහන් වන්නේ ඖෂධ ආනයන සමාගම් දහ හතක් මෙම ප්‍රශ්නයට මුහුණ දී ඇති බවයි.

අවශ්‍ය නිර්දේශ නොලැබීම නිසා කොළඹ වරායේ ඖෂධ රැගත් නැව් පහළොවක් සිර වී ඇති බව ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වෙයි.

තවත් ඖෂධ නැව් භාණ්ඩ අසූ හතරක් කොළඹ වරායට ළඟා වෙමින් තිබෙන අතර ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සඳහා විදේශීය රටවල නිෂ්පාදනය කරන ලද ඖෂධ 129ක් මවු සමාගම්වල සිර වී තිබෙන බව ඖෂධ කර්මාන්තකරුවන්ගේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය පෙන්වා දෙයි.

මේ නිසා ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වීමෙන් පාඩුවක් ලබන බවත් ගුදම්වල රඳවා තැබීමෙන් ඖෂධවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් මතු වන බවද මණ්ඩලය ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියේ සඳහන් වෙයි.

පසුගිය කාලයේ මෙවැනි තත්ත්වයක් උද්ගත නොවූ බවත් වර්තමානයේ මෙවැනි තත්ත්වයක් උද්ගතවිම විසඳීම සඳහා වහාම මැදිහත් වන ලෙස මණ්ඩලය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබේ

(aruna.lk- උදයජීව ඒකනායක)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්