leader s

පොහොට්ටුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයන් අතර සිටින ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා සමඟ පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීන් 10 දෙනෙකුගෙන්

සමන්විත කණ්ඩායමක් විශේෂ රහසිගත සාකච්ඡාවක් පවත්වා ඇතැයි 'දේශය' පුවත්පත වාර්තා කරයි.

 ඒ අය අතර හිටපු ජනාධිපති හා ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන ද සිටින බව එම පුවත් වාර්තාවේ සඳහන් වේ. එහි වැඩිදුරටත් මෙසේද සඳහන් වේ.

මෙම මන්ත්‍රීන්ගෙන් බහුතර පිරිස පසුගිය කාලයේ පොහොට්ටු ආණ්ඩුවට සම්බන්ධව සිට පසු කාලයේ තමන් ස්වාධීන මන්ත්‍රීන් ලෙස ක්‍රියා කරන බව ප්‍රකාශ කළ මන්ත්‍රීන් බව දැනගන්නට ඇත. ඔවුන් සිය දේශපාලන අනාගතය සම්බන්ධව ධම්මික පෙරේරා සමඟ සාකච්ඡා කර ඇතත් සාකච්ඡාවේ වැඩිමනත් තොරතුරු හෙළිදරව් වී නැත.

පොහොට්ටුවේ ඉදිරි ජනාධිපති අපේක්ෂකයා ධම්මික පෙරේරා බවට දේශපාලන ආරංචියක් පැතිර ඇතත් පොහොට්ටුවේ ජනාධිපති ධූර අපේක්ෂකයා නම්කොට නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ලබන්නේ ලබන වසරේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට මාස තුනකට පෙරදී බව පොහොට්ටුවේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් පැවසීය.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්