ලෝකවාසී කෝටි සංඛ්‍යාත කිතුණු බැතිමතුන් අරිසිමත්ව වාර්ෂික සමරණ ‘නත්තල් උත්සවය’ අදයි. ශ්‍රී ලාංකිකයෝ ද භත්කියෙන් යුතුව අද දිනයේ

‘නත්තල්’ සමරති.

‘සාමයේ කුමාරයාණෝ’ ලෙස ලෝකවාසීන්ගේ භක්තියට සහ ගෞරවයට පාත්‍ර වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ සුවිශේෂී උපත යෙදී ඇති දෙසැම්බර් මස 25 වැනි දිනය නත්තල් දිනයයි.

සීතල උඳුවප් මාසයේ ගවලෙනක උපත ලැබූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ලෝක සාමය උදාකිරීම සඳහා සිය ජීවිතය කැප කළ ගෞරවණීය ආගමික ශාස්තෘවරයෙකි.

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මව මරියතුමිය වන අතර පියා ජුසේතුමා වෙති. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ආසන්නව තිබියදී මරියතුමිය සහ ජුසේතුමා ජන සංඝණයක් සඳහා බෙත්ලෙහෙම් නුවරට යෑමට සිදුවූහ.
christmas jesus birth 16401808444x3ජුසේතුමාගේ උපන් ගම වන බෙත්ලෙහෙම් නුවර ජේසුස් වහන්සේගේ උපත වූ රාත්‍රීය ගත කිරීමට සුදුසු ස්ථානයක් සොයාගැනීමට නොහැකි වීමෙන් ඔවුන් ගව ලෙනක නවාතැන් ගත් අතර ඒ හේතුවෙන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත ගව ලෙන තුළ සිදුවිය.

දාවිත් රජුගේ පරපුරෙන් පැවත එන ජුසේ නැමැති පුද්ගලයෙක් සහ මරියතුමිය විවාහව සිටි නමුත් ජේසුස්තුමන්ගේ ජීවවිද්‍යාත්මක පියා ඔහු නොවන බවත් එතුමාගේ උප්පත්තිය සිදුවූයේ දිව්‍යමය මැදිහත්වීම නිසා බව ක්‍රිතු දහමේ සඳහන් වේ.

 නත්තල් දා උපන් සාමයේ කුමරුවෝ ජීවිතය සාමය, සංහිඳියාව, සාධාරණත්වය සහ මානව හිතසුව පිණිස කැප කරමින් වංචාව, දූෂණය සහ බලලෝභයට එරෙහිව අභිතව නැගී සිටීමෙන් කරුසයේ ඇණ ගසා මරණයට පත්කිරීමෙන් පසුව තෙදිනකින් උත්ථානය ලබා සකල මානව වර්ගයාට විමුක්තිය ළගාකර දුන් බව කිතු දහමේ කියවේ.

එකළ ලෝකයේ පාපක්‍රියා නවතා යහපත් ජීවිත ගතකරන මිනිස් සමාජයක් නිර්මාණය කිරීම මෙම අසාමාන්‍ය උපතේ අභිප්‍රාය බවත් එවන් වටිනා අභිප්‍රායකින් යුතුව වූ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත අනුස්මරණය කිරීම කිතුනු බැතිමතුන් නත්තල් උත්සවය වේ. පෘතුගීසි වචනයක් වන ‘නතාල්’ යන වචනයෙන් නිර්මාණය වූ ‘නත්තල’ යන වචනයෙන් ‘උපත’ යන්න අර්ථගන්වයි.

ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත අසාමාන්‍ය සුවිශේෂී උපතක් ලෙස ලෝක වාසී කිතුනු බැතිමත්හූ සළකති.Screenshot 2023 12 25 at 9.50.28 AM removebg preview

ක්‍රිස්යානු භක්තිකයෝ දෙවියන් වහන්සේගේ එකම පුත්‍රයානන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ යැයි විශ්වාස කරන අතර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මිනිස් වෙසින් මෙලොවට පැමිණීමේ අරමුණ මිනිසා පාපය නම් වූ දුකෙන් මුදවා මිනිසාට වරප්‍රසාද නම් වූ සාදාකල් පවතින සතුටදීම යැයි ඔවුහූ විශ්වාස කරති.

ඒ අනුව නත්තල බෙදාගැනීමේ මංගල්‍යයක් වීමත් සමඟ ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ උපත සමඟ ලෝකවාසී ජනතාවට බෙදාගැනීමේ ප්‍රීතිවන්ට මූලිකත්වය දෙති.

ගුණගරුක බව, දයාව, කරුණාවන්ත බව, ඉවසිීම සහ සමාවදීම වැනි වටිනා ගුණාංග සමඟින් ප්‍රීතිවීම ක්‍රිස්තු භක්තියෝ පරම්පරාවෙන් පවත්වාගෙන එති.

‘නත්තල’ කිතුනු භතිමතුන්ගේ උත්සවයක් ලෙස අඛණ්ඩව සැමරීමත් සමඟ ගවලෙන, නත්තල් ගස, නත්තල් ආසිරිපත්, වල්ගා තුරුව සහ නත්තල් ගීතිකා ආදි සැමරුම් අංග රැසක් එකතු විය. ශ්‍රී ලාංකික කිතුනු භක්තිකයෝ ද නත්තල මහත් උත්සවශ්‍රීයෙන් සමරමින් ඊයේ (24) මාධ්‍යම රාත්‍රීයේ නත්තල් දේවමෙහෙයවලට සහභාගී වූහ.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන නත්තල් දේවමෙහෙය අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමන්ගේ ප්‍රධානත්වයෙන් කටාන හල්පේ ශුද්ධ වූ ෆ්‍රැන්සිස් ක්ෂේවියර් දේවස්ථානයේදී පැවැත්විණි.


මැක්ස්වල් සිල්වා රදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් නත්තල් මැදියම් රැයේ දේවමෙහෙය පිටිපන දූව දේවමෑණියන්ගේ දේවස්ථානයේදී ද, ජේ. ඩි. ඇන්තනි ජයකොඩි රදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් රාගම කුරුකුලාව ශාන්ත ලාසරස් දේවස්ථානයේදී සහ ඇන්ටන් රංජිත් රදගුරුතුමාගේ ප්‍රධානත්වයෙන් මෝදර ගර්භවාස දේවස්ථානයේදී නත්තල් මැදියම් රාත්‍රියේ දේවමෙහෙයන් පැවැත්විණි.

මෙම දේවමෙහයන්ට සමගාමීව කොළඹ කොටහේන ශාන්ත ලුසියා ආසන දෙව්මැදුර, රාගම බැසිලිකා සහ මීගමුව ශාන්ත මරියා යන ප්‍රධාන දේවස්ථාන ඇතුළුව රට පුරා සියලුම දේවස්ථානවල දේවමෙහෙය පැවැත්විණි.


දේවස්ථානවලට ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති නම් 011 247 27 57 දුරකථන අංකයට කතා කරන්න 


1703472155 security Lඅසිරිමත් නත්තල සැමරෙන අද (25) දිනයේත් දිවයිනේ සියලු ‍දේවස්ථාන ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පවසයි.

ඔහු ප්‍රකාශ කළේ, මෙලෙස ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොමැති නම් 011 247 27 57 යන විශේෂ අංකය හරහා පොලිස් මූලස්ථානයට දැනුම්දීමක් සිදුකළ හැකි බවය.

කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් පවත්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මේ බව සඳහන් කළේය.

ඊට අමතරව බීමත් රියදුරන් සහ සාමය කඩවන ආකාරයේ ක්‍රියාකාරම් සිදුකරන පාර්ශව අත්අඩංගුවට ගැනීම සඳහා අද දිනයේ විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.


බන්ධනාගාර රැඳවියන් 1,004 දෙනෙකුට නිදහස සමාව


මේ අතර මෙවර නත්තල් දිනය නිමිත්තෙන් බන්ධනාගාර රැඳවියන් 1,004 දෙනෙකු අද විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කෙරෙන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී දිසානායක ප්‍රකාශ කළේය.

අද දිනයේත් මීට පෙර ප්‍රකාශයට කළ පරිදි විශේෂ දුම්රිය ගමන්වාර සහ අවශ්‍යතාව පරිදි බස් රථ ගමන්වාර ධාවනයට එක්කර ඇති බව ප්‍රවාහන බලධාරීන් පවසයි.

නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී ගමනාගමන එන්. ජේ. ඉදිපොලගේ ප්‍රකාශ කළේ, උත්සවය සමය අවසන් වන තෙක් මෙම විශේෂ දුම්රිය ගමන් වාර ක්‍රියාත්මක වන බවය.

දුරගමන් සේවා සඳහා අතිරේක බස් රථ 100ක් පමණ යෙදවීමට නියමිත අතර අද දිනයේත් අවශ්‍යතාව පරිදි බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පණ්ඩුක ස්වර්ණ හංස ප්‍රකාශ කළේය.
 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්