leader s

ජංගම දුරකථනයක් මිලදී ගැනීමේදී විදුලි සංදේශ නියාමන කොමිශන් සභාවේ ලියාපදිංචි දුරකතනයක් මිලදී ගන්නැයි එහි අනුකූලතා අධ්‍යක්ෂ

මේනකා පතිරණ පැවසුවාය.

ඊයේ පැවති මාධ්‍ය හුමවකට එක්වෙමින් ඇය කියා සිටියේ, පාරිභෝගිකයින්ට ජංගම දුරකතන හරහා පත්විය හැකි අපහසුතාවන් වලක්වා ගැනීමට එලෙස කටයුතු කිරීම මනා පිටුවහලක් වන බවයි.

ඒ අනුව මිලදී ගැනීමට බලාපොරොත්තු වන දුරකථනය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි දුරකථනයක්දැයි තහවුරු කරගත යුතුය.

මෙම තහවුරු කර ගැනීම කෙටි පණිවිඩයක් යොමු කිරීම මගින් සිදුකළ හැකි බව මේනකා පතිරණ පැවසුවාය.

ඕනෑම ජංගම දුරකථන ජාලයක් ඔස්සේ IMEI ලෙස ටයිප් කර හිස්තැනක් තබා අංක 15 කින් යුත් IMEI අංකය 1909 එවීමෙන් දුරකථනයේ සත්‍ය අසත්‍යතාවය තහවුරු කර ගත හැකි බවද ඇය තවදුරටත් කියා සිටියාය.

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්