leader s

රාජ්‍ය ඇමති සනත් නිශාන්ත ගමන් කළ ජීප්රිය වෙනත් මෝටර් රථයක ගැටි සිදු වු අනතුරින් පසු එම වාහනයේ ගමන් ගත් පිරිස ඇමැතිවරයාගේ

වාහනයට පහරදී අලාභහානි කර ඇතැයි පොලීසිය කියයි.

ඇමතිවරයා ඇතුළු පිරිසක් දංකොටුව ප්‍රදේශයෙ පැවති උත්සයකට සහභාගි විමට යද්දී මාරවිල මෝදරවැල්ල දෙවස්ථානය ඉදිරිපිටදි වංගුව ප්‍රදේශයෙදී අද (29 ) මෙම අනතුර සිදුව ඇත.

අදාළ අවස්ථාවේ රාජ්‍ය අමාත්‍යවරයා ද ජිප් රථය තුළ සිට ඇති අතර, අනතුරත් සමඟ මෝටර් රථයේ රියැදුරු විසින් ජීප් රථයට සහ එහි සිටි ඇමති ආරක්ෂක අංශයේ නිලධාරියෙකුට පහර දී ඇති බව පොලීසිය පවසයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන ඇතැයිද පොලීසිය පවසයි.

ඇමතිවරයාගෙ සුඛෝපභෝගී ජීප් රථයෙ ගැටිමෙන් අනෙක් මෝටර් රථයට හානි සිදුව තිබු අතර එහි ගමන් කළ කෝටිපති ව්‍යාපාරීකයා තම වාහනයට සිදුවු හානිය සහ එහි සිටි ඇමැතිරයා දැක දැඩි ලෙස කෝප වි යකඩයක් රැගෙන විත් පහර දි ඇති බව කියයි.

පහරකෑමට ලක්වූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර තිබේ.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්