කහවත්ත වැල්ලඳුර නිවෙසක් තුළ ගෙල කපා මරා දමා තිබූ 71 හැවිරිදි මවගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් ගතව සිටි ඇගේ දියණිය

නිදොස්කොට නිදහස් කරන්නැයි පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන ඊයේ (29) නියෝග කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇගේ දියණිය සම්බන්ධ නොමැති බවට කළ පරීක්ෂණවලින් අනාවරණය වි ඇති බව පොලිසියට දැනුම් දිමෙන් පසු මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කළේය.

මෙම ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් වැල්ලඳුර වෙලේවත්ත පදිංචි දොලේ බාස් හෙවත් තලගල ආරච්චිගේ අරුණ සංජීව ජනවාරි මස 1 වැනිදා දක්වා රිමාන්ඩ් කරන්නැයි ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කලක් හමුදා සේවයේ යෙදි සිටි සැකකරු 50 හැවිරිදිය.

මෙම මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මරණකාරියගේ නිවසේ අලුත්වැඩියා සඳහා ආගිය මරණකාරියගේ හිතවතකු බවත් මරණකාරියගේ රන් භාණ්ඩ සොරාගැනිම සම්බන්ධයෙන් සැකය සැකකරු වෙත යොමූවිම නිසා බවත් ඒ නිසා සිද්ධිය වු දින ද දුරකථන ඇමතුම් නවයක් මරණකාරිය් විසින් සැකකරුට ලබාගෙන ඇති නමුත් පිළිතුරු දි ඇත්තේ එක් ඇමතුමකට පමණක් බවත් තාක්ෂණික පර්වේශණීය සාක්කි මගින් අණාවරනය වු බව කහවත්ත පොලිසිය මහේස්ත්‍රාත්වරයා හමුවේ කරුණු දැක්වීය.

රන් භාණ්ඩ සොරාගැනිම ගැන සැකකරු මරණකාරිය හමුවේ පිළිගෙන එහි වටිනාකම මුදලින් ගෙවන බවට පොරොන්දු වි ඇතැයි ද පරික්ෂණ වලදි හෙළි වි තිබේ .

දෙසැම්බර් 13දා කහවත්ත පොලිස් බල ප්‍රදේශයේ වැල්ලඳුර වෙලේවත්ත නි‍ෙවසක් තුළ ගෙල කපා මරා දමා තිබුණේ ජයසුන්දර මුදියන්සේලාගේ විනීතා ජයසුන්දර නැමැති කාන්තාවකි. තිදරු මවක් වන ඇය රත්නපුර සණස ව්‍යාපාරයේ හා ප්‍රදේශයේ සමාජ සේවිකාවකි.

මෙම අබිරහස් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ඇයගේ කනිටු දියණිය දෙසැම්බර් 15 දා අත්අඩංගුවට ගෙන ජනවාරි පළමුවැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට නියෝග කර තිබිණි. එහෙත් කහවත්ත පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවක් අනුව බලන්ගොඩ අධිකරණය විසින් එම සැකකාරිය ඊයේ (29 ) නිදොස් කොට නිදහස් කරන ලදී.

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්