leader s

සිම්බාබ්වේ ක්‍රිකට් සංචාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ප්‍රධානී තනතුරෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව මහාචාර්ය අර්ජුන ද සිල්වා පැවසිය.

ඔහු එබව කියා සිටියේ, ඊයේ අලුයම හදිසි අනතුරකට ලක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ භෞත චිකිත්සක තිහාන් චන්ද්‍රමෝහන් ගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් කල විමසීමට ප්‍රතිචාර දක්වමින් අතුරු කාරණයක් ලෙසය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ භෞත චිකිත්සක තිහාන් චන්ද්‍රමෝහන් ඊයේ අලුයම කොළඹ යූනියන් පෙදෙසේ පිහිටි තරුපහේ හෝටලයක් ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටියදී යතුරුපැදියක ගැටී රෝහල්ගත කර ඇත.

එම අනතුරින් තුවාල ලැබූ ක්‍රිකට් භෞත චිකිත්සකවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා යටතේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන අතර, වම් පාදයේ අස්ථි බිඳීමක් සිදුව ඇතැයි පැවැසේ.

අනතුර සිදුකළ යතුරුපැදිකරු පලා ගොස් ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව මහාචාර්ය අර්ජුන ද සිල්වා ගෙන් කළ විමසීමකදී පැවැසූවේ අලුයම 1.30ට පමණ ලැබුණු දුරකතන ඇමතුමක් අනුව අනතුර සිදුවූ ස්ථානයට ගොස් ඔහු රෝහල්ගත කිරීමට අවශ්‍ය පියවර ගත් බවයි.

“ඔහුගේ සුවය වෙනුවෙන් කළ හැකි සෑම දේ කළා. ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ කොපමණ අය හිටියත් ඔහුව රැගෙන යන්න කෙනෙක් හිටියේ නෑ. ක්‍රිකට්වලට අදාළ සියලු දේ මම කරන්නේ මුදල් අය කිරීමකින් තොරවයි. ඒ නිසා සිම්බාබ්වේ සංචාරයෙන් පසු ශ්‍රී ලංකා ක්‍රිකට් වෛද්‍ය ප්‍රධානී තනතුරෙන් ඉවත්වීමට අදහස් කරනවා“ මහාචාර්යවරයා පැවැසීය.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්