leader s

කහතුඩුව අධිවේගී පිවිසුම අසලදී ගුවන් සේවා නිලධාරිනියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරු කටුනායක ගුවන් තොටුපොළේ දී අද

(10) අලුයම අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයි.

අමානුෂික ලෙස ඝාතනයට ලක් වූයේ දුලාංජලී අනුරුද්ධිකා නැමැති පිළියන්දල මඩපාත ජඹුරලිය ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි එක් දරු මවකි.

ඇයගේ සැමියා වෛද්‍යවරයකි.

ඝාතනයෙන් අනතුරුව ඔහු විදේශ රටකට පලායෑමට සඳහා සූදානම්ව ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියදී එලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

 
සැකකරු වසර කිහිපයක් විදෙස් ගතව සිට දිවයිනට පැමිණි අයෙක් බවත් පොලීසිය පවසයි.

ඝාතනයත් සමගම පොලිසිය සැකකරුවට විදේශ ගමන් තහනමක් ද පැනවීය.

සේවා කටයුතු නිමවා කටුනායක සිට මඩපාත ජබුරලියේ නිවෙස කරා යමින් සිටියමේදී මෝටර් රථයකින් ආ පිරිසක් ඇගේ ගෙල කපාපලාගොස් තිබිණ.

බරපතල තුවාල ලබා සිටි නිලධාරිනිය වෑතර රෝහලට රැගෙන යන විටත් මියගොස් සිටින බව රෝහල් ප්‍රකාශකයෙක් කීය.

සැකකරු ඝාතනය සඳහා යොදාගත් තියුණු ආයුධ සහ ඒ සඳහා පැමිණි මෝටර් රථය සොයා පොලිසිය පරීක්ෂණ පවත්වයි.

(lankadeepa.lk -බිමල් ශ්‍යාමන් ජයසිංහ)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්