leader s

සුප්‍රසිද්ධ කෝටිපති ව්‍යාපාර සමූහයකගේ හිමිකරුවෙකුගේ ව්‍යාපාර සමූහය තුළ ම රැඳී සිටිමින් කුරියර් සේවාව හරහා ගෙන්වනු ලබන අයිස් මත්ද්‍රව්‍ය

උතුරු මැද පළාතට ම බෙදාහළ කෝටිපති ව්‍යාපාරිකයාගේ පුතු ‘සෝනි’ නමැත්තා ඊයේ (ජන. 10) වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු තොග වශයෙන් ලබාගන්නා අයිස් මත්ද්‍රව්‍ය සිය සුවිසල් නිවස තුළ පැකට් කර උතුරු මැද පළාතේ විවිධ ප්‍රදේශ වෙත තොග වශයෙන් කොටස්කර නැවත සිය ව්‍යාපාර ජාලය තුළින් බෙදාහැර ඇතැයි එම බළකාය කියයි.

මධ්‍යම දූෂණ ප්‍රහාරක බළකායේ ස්ථානාධිපති ඉන්දික වීරසිංහ වෙත ලැබුණු තොරතුරක් මත එම බළකායේ බුද්ධි අංශ නිලධාරීන් කැකිරාව ප්‍රදේශයට යොමුකර රහසිගතව ලබාගත් තොරතුරුවලින් පසුව මෙම වැටලීම කර තිබේ.

පසුව ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් එම ව්‍යාපාරිකයාගේ සුවිසල් නිවස සහ ව්‍යාපාර සමූහයට අයත් කැකිරාව නගර මධ්‍යයේ පිහිටි ගොඩනැඟිලි පරිශ්‍රය දැඩි පරීක්ෂාවට ලක්කර ඇත.

මෙම පරීක්ෂාවේදී කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවෙස උතුරු මැද පළාත් තුළ බෙදා හැරීම සඳහා සූක්ෂ්ම ලෙස අසුරා තිබූ අයිස් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමග 32 හැවිරිදි ‘සෝනි’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලබන කෝටිපති ව්‍යාපාරිකයාගේ පුතා අත්අඩංගුවට ගෙන ඇත.

මෙම වැටලීමේදී රුපියල් ලක්ෂ 35ක වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුගේ දේපළ හා උපයාගෙන ඇති වත්කම් සම්බන්ධයෙන් රඳවා ගැනීමේ නියෝග මත කැකිරාව පොලිසියේ රඳවා වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් වැඩිදුර විමර්ශන කරනු ඇත.

 කෝටිපති ව්‍යාපාරික පුත්‍රයා වන ‘සෝනි’ විසින් ව්‍යාපාරයට අදාළ ගෙන්වනු ලබන භාණ්ඩ අතර සඟවා කුරියර් ක්‍රමයට තොග පිටින් මත්ද්‍රව්‍ය කැකිරාව ප්‍රදේශයට ගෙන්වා වසරක පමණ කාලයක සිට සූක්ෂ්ම ලෙස මෙම මත්ද්‍රව්‍ය ජාලය සිදුකර ඇති බව පොලිසිය කියයි.

මෙම ව්‍යාපාරිකයා ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසල් ව්‍යාපාරයක්, ඉදිකිරීම් උපකරණ කුලියට දීමේ සහ පාසල් උපකරණ පොත්පත් විකිණීමට අදාළ ව්‍යාපාර සමූහයක් කරන බවට මහජනයාට හඟවමින් එම ව්‍යාපාර ජාලය මත්ද්‍රව්‍ය ජාවාරම උතුරු මැද පළාත තුළ තොග වශයෙන් බෙදා හැරීම සඳහා ආරක්ෂිත ස්ථානයක් ලෙස භාවිත කර ඇතැයි පොලිසිය කියයි.

වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චාමික වික්‍රමසිංහගේ නියෝග පරිදි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහගේ මෙහෙයවීමෙන් ප්‍රධාන පොලිස් පරීක්ෂක මහේන්ද්‍ර පෙරේරා, උපපොලිස් පරීක්ෂක සඳරුවන්, උපපොලිස් පරීක්ෂක චතුරංග, ජයවීර, සුපුන්, සැරයන් රත්නායක (61139), ප්‍රේමරත්න (67237), ඉන්දික ( 75076), කොස්තාපල්වරුන් වන බාලසූරිය (77090), අමිල (87119), මදුසංඛ (35309), කුමාර (104678), ලක්ෂික (100677), වෙන්මදිරාජා (104914), කාන්තා පොලිස් කොස්තාපල් දිල්හාරා (11352), කොස්තාපල් රියැදුරු උදාර (16227) සහ අබේරත්න (89631) ඇතුළු පිරිසක් මෙම වැටලීම සිදුකර ඇත.

(mawbima.lk)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්