leader s

එක්සත් ජාතික පක්ෂයේ නායක, ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2024 වර්ෂය සඳහා එජාපයේ මහ ලේකම් ලෙස පාලිත රංගේ බණ්ඩාර යළිත්

පත්කර තිබේ.

පාලිත රංගේ බණ්ඩාර මේදිනවල අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් පක්ෂ නායකයා විසින් නිකුත් කරන ලද පත්වීම් ලිපිය, සිරිකොත පක්ෂ මුලස්ථානයේදී, ප්‍රධාන විධායක අධ්‍යක්ෂ ශමල් සෙනරත් විසින් බාර ගෙන ඇත.

2023 වර්ෂය සඳහා වූ එක්සත් ජාතික පක්ෂයේ නිලධාරී මණ්ඩලය පසුගිය වසරේ දෙසැම්බර් 31 වෙනිදායින් අවසන් විය.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාවට අනුව, පක්ෂයේ මහ ලේකම් සහ භාණ්ඩාගාරික පත්කිරීමේ බලය ඇත්තේ පක්ෂයේ නායකයාය. සෙසු අනෙකුත් සාමාජිකයින් පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය විසින් පත්කළ යුතුය.

මේ අතර ඉදිරි ජාතික මැතිවරණ ඉලක්කකර ගනිමින් ඒ සඳහා එජාප මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත්කිරීමට රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්