leader s

ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් මෙරටේ විවිධ කර්මාන්ත දෙලක්ෂ හැට තුන් දහස් දෙසීයක් පසුගිය වසර හතරක කාලයේදී

(2019සිට 2022 දක්වා) වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

පසුගිය 2019 වසර ආරම්භ වනවිට ලංකාවේ ක්ෂුද්‍ර කුඩා සහ මධ්‍යම කර්මාන්තශාලා දහතුන් ලක්ෂ තුන්සීයක් පැවැති නමුත් 2022 අවසන් වනවිට එම සංඛ්‍යාව දස ලක්ෂ තිස් හත්දාස් එකසියක් දක්වා පහළ වැටී තිබූ බව එම සංඛ්‍යා ලේඛනවල දැක්වෙන්නේ යැයි පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරළ පැවසීය.

මින් කර්මාන්තශාලා දෙලක්ෂ හාරදහස් එකසීයක් ස්ථිර ලෙසද කර්මාන්තශාලා 59100ක් තාවකාලික ලෙසද වසා දමා ඇති බව ඔහු කීවේය.

මෙසේ වසා දමා ඇති කර්මාන්ත අතර 254700ක් ක්ෂුද්‍ර කාණ්ඩයට අයත් ඒවා වෙයි.

මීට අමතරව කුඩා කර්මාන්ත 7300ක්ද මධ්‍යම කර්මාන්ත 1100ක්ද වැසී ගොස් ඇතැයි මහාචාර්යවරයා කීවේය.

(lankadeepa.lk - සුජිත් හේවාජුලිගේ )

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්