උදයංග වීරතුංග විසින් කරන ලදැයි කියන මහා පරිමාණ වංචාව පිළිබදව පසුගිය 17 දින පැවැති නඩු විභාගයේ දී මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් ඉතා වැදගත් ප්‍රශ්ණයක් මතු කරන ලදී. එනම් වසර පහක් පුරා මෙම පරීක්ෂනය කළ පොලිස් පරීක්ෂක නිහාල් ප්‍රැන්සිස් එම නඩුවෙන් ඉවත් කර ඇත්තේ මන්ද යන්නයි. 

ඔහු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ සිට මීගමුවට මාරු කරන ලද හේතුන් තතුදත් පිරිස් මාර්ගයෙන් විමසා ඇති 'Sri Lanka Brief' ඒ සම්බන්ධ කරුණු අනාවරණය කරමින් විශේෂ වාර්තාවක් පළකර ඇත. එහි මෙසේ සඳහන් වේ.

''මෙම සිදුවිමේ මුලාරම්භය අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවෙහි ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක ශානි අබේසේකර ඉන් ඉවත් කර, මහින්ද රාජපක්ෂ ජනාධිපති කාලයෙහි ඔහුගේ ආරක්ෂක නිලධාරියකු ලෙස සේවය කළ ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂක ඩබ්. තිලකරත්න එම තනතුරට පත් කිරීමය.

ඒ වන විට ඩුබායි හි අත් අඩංඟුවේ සිටි උදයංග වීරතුංග තමා ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉදිරිපත් කරන ලද අභියාචනය විමසා අවසන් වී ඔහුගේ ඉල්ලීම ප්‍රතික්ෂේප වී තිබුණි. අභියාචනයෙහි උදයංග කියා තිබුණේ තමා යුක්රේන පුරවැසියකු බැවින් තමා ශ්‍රී ලංකාවට බාර නොදිය යුතු බවයි. පසුගිය ජනවාරි මැද වන විට ඔහු කොයි මොහොතක හෝ ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමේ තත්වයක් ඉන් පැන නැගුණි.

උදයංග වීරතුංගට චෝදනා එල්ල වී ඇත්තේ මිග් යානා මිලදී ගැනීමට සහ මුදල් විශුද්ධිකරණයට අදාළව ඇමෙරිකානු ඩොලර් මිලියන 7.833 කට ආසන්න මහජන මුදල් අවභාවිත කර ඇති බවටය. එය රාජපක්ෂ පාලන කාලයේ දී සිදු වූ මහාපරිමාණ වංචාවකි.

රතු වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලීමක් !

මේ තත්වය යටතේ පසුගිය පෙබරවාරි 10 දා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙහි මහේස්ත්‍රාත් රංග දිසානායක හමුවට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න එම රතු වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලීමක් කළේය.

තිලකරත්න කියා සිටියේ උදයංග වීරතුංග යනු වත්මන් ජනාධිපතිවරයාගේ සහ අගමැතිවරයාගේ සමීපතම ඥාති සහෝදරයකු නිසා පසුගිය යහපාලන රජය ඔහුගෙන් දේශපාලනිකව පළිගැනීම සඳහා මෙම රතු වරෙන්තුව ලබාගෙන ඇති බවයි. මේ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්ථමේන්තුවේ අදහස් විමසන ලෙස දැන් වූ මහේස්ත්‍රාත්වරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කලේ ය.

ඉන් පසු එකී පරීක්ෂනය බාරව සිටි පොලිස් පරීක්ෂක නිහාල් ප්‍රැන්සිස් කැඳවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ඩබ්ලිව්. තිලකරත්න වහාම උදයංග නඩුව පිළිබඳව ඇති රතු වරෙන්තුව ඉවත් කර ගැනීම පිනිස තමාට වාර්තාවක් සපයන ලෙස නියෝග කරන ලදී.

ඒ අනුව පිටු දෙකක වාර්තාවක් පොලිස් පරීක්ෂක නිහාල් ප්‍රැන්සිස් විසින් සපයන ලද අතර ඊට විමර්ශනයට අදාළ සාක්ෂි ඇමිණුම් 42ක් ද එක් කර තිබුණි. ‌මෙම අමුණුම් අතර මිග් ගනුදෙනුවට සම්බන්ධ විදේශ රටවලින් ලබා ගන්නා ලද සාක්ෂි ද විය.

එම ලියවිල්ලට මගින් රතු වරෙන්තුව ඉවත් කර ගැනීමට නොහැකි නිසා ඊට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ තිලකරත්න ලියැවිල්ල ප්‍රතික්ෂේප කළේ ය. 

පසුව එම ලියවිල්ල නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් මෙම නඩුවට පෙනී සිටින නීතිඥ තුසිත් මුදලිගේ වෙත බාර දෙන ලද බව කියැවේ. මෙම ලේඛනය තවමත් අපරාධ විමර්ශන අංශයේ ලිපි ගොනු අතර තිබිය යුතු බව තතුදත් ආරංචි මාර්ග පවසයි.

පොලිස් පරීක්ෂක ප්‍රැන්සිස් නඩුවෙන් ඉවත් කර මීගමුවට: පොලිස් පරීක්ෂකවරිය සේවයෙන් ඉවත්ව යයි !

මහේස්ත්‍රාත් රංග දිසානායක විසින් විමසන ලද පැනයට පිළිතුරු ඇත්තේ එහි ය. මෙම ලේඛනය සකස් කිරීමෙන් පසු වසර පහක් පුරා මෙම විමර්ශනය කරගෙන ගිය පොලිස් පරීක්ෂක ප්‍රැන්සිස් එම නඩුවෙන් ඉවත් කර මීගමුවට යවන ලදී. මන්ද යත් එම ලේඛනය ඉදිරිපත් කර රතු වරෙන්තුව ඉවත්කර ගැනීමට කිසිදු ඉඩක් නොතිබූ නිසා ය.

ඉන් පසුව මෙම නඩුව බාරදෙන ලද පොලිස් පරීක්ෂකවරිය නීතිඥවරියක ලෙස දිව්රුම් දී ඉවත්ව ගියා ය.

මේ අතර මෙම වංචාව සම්බන්ධයෙන් පෙරේදා පාර්ලිමේන්තුවෙහි දි අදහස් දැක් වූ ආරක්ෂක නියෝජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ කියා ඇත්තේ මෙම නඩුව පිළිබදව කරුණු හරියට අධ්‍යයනය නොකර තමන්ට පිළිතුරක් දිය නොහැකි බවය. තවද ''පැමිණිල්ලක් දාපු පරිදි ම මං හිතන්නෙ නෑ කෙනෙක් වැරදියි කියලා'' ඔහු සඳහන් කර තිබේ. පැමිණිලි විමර්ශනය කරන ලද නිලධාරීන් ගැන ද දැන් පරීක්ෂනයක් පැවැත්වෙන බව ද ඔහු කියා තිබේ.

ගොනා හැරෙන්නේ කෙහෙල් දල්ලට බව දන්නෝ දනිති.

(srilankabrief.org)


වීඩියෝ (වීඩියෝ එක පෙන්න දාන්න)



සබැඳි පුවත් :
උදයංග වීරතුංග 'මිග් යානා' නඩුව: "CID බබා වෙලා ද? බබා කරලා ද?"

උදයංග වීරතුංගට එරෙහි රතු වරෙන්තුව ඉවත් කිරීමට යයි!

ලෝටස් ටවර් කතාවට 'කුලප්පු වූ' මහින්ද, 'මිග් යානා' කතාවට නිහඬවූ හේතුව මෙන්න!

කවුද මේ රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග?

උදයංග අත්අඩංගුවට ගැනීමට 'ලෝක පොලිසිය' වෙත වරෙන්තුවක්

උදයංග වීරතුංගගේ දේපළ තහනම් කළේ ඇයි?

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්