leader s

ස්වකීය දේශපාලන ඉරණම ස්වාධීන ලෙස තීන්දු කරගැනීම වෙනුවෙන් දෙමළ ජනයා අරගල කරන අයිතීන් පිළිබඳ පොදු ඉල්ලීම් ඇතුලත් පොංගු තමිල්

 ප්‍රකාශනය ඉදිරිපත් කොට විසි තුන් වසරක් සම්පුර්ණවීම යාපනයේදී සමරා තිබේ.

යාපනය විශ්වවිද්‍යාලය තුල ස්ථාපිත කර තිබෙන පොංගු තමිල් ස්මාරකය ඉදිරිපිටදී ජනවාරි 17 වැනිදා පැවැති සැමරුම යාපනය විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කර තිබු බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ.

එම අවස්ථාවට විශ්වවිද්‍යාල සිසුන්ට අමතරව එම සරසවියේ ආචාර්යවරුන්ද එක්ව සිටි බව ඔවුහු වැඩි දුරටත් පවසති.

පොංගු තමිල් හෙවත් දෙමළ පිබිදීමේ ප්‍රකාශනය 2001 ජනවාරි 17 වැනිදා  මුල් වරට ප්‍රකාශයට පත් කෙරුණි.

 ස්වයං නිර්ණ අයිතිය, සම්ප්‍රදායික දෙමළ නිජබිම, දෙමළ ජාතිකත්වය මුල් කොටගත් දෙමළ ජනයාගේ එක්සත් අභිලාෂ මෙම ප්‍රකාශනයේ ඇතුලත් වන අතර එම අයීතින් රජය විසින් පිළිගත යුතුය යන්න එහි සඳහන් වේ.

 
සැමරුමට එක් වෙමින් යාපනය සරසවියේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මානික්කවාසගම් ඉලම්පිරයියන් සඳහන් කළේ දෙමළ ජනයාගේ අයිතීන් දිනා දීම වෙනුවෙන් විශ්වවිද්‍යාල සිසුන් අහිංසාවාදීව සටන් වැදිය යුතු බවයි.

"විශ්වවිද්‍යාල සිසුන් උද්ඝෝෂණ කළොත්  දැවැන්ත සහයෝගයක් ලැබෙනවා. ජනතාව බලමුළු ගැන්වීමේ හැකියාව ශිෂ්‍ය ප්‍රජාව තුළ තියනවා. ඔබ ඔබේ ශක්තීන් ගැන සිතා බැලිය යුතුය. අපේ ජනතාවගේ අයිතිවාසිකම් සහ අවශ්‍යතා ලබා දීමට විශ්වවිද්‍යාල සිසුන්ට බලය තිබෙනවා. ප්‍රචණ්ඩත්වයට හෝ සන්නද්ධ අරගලයකට යන්න කියලා මම කියන්නේ නැහැ. මෙය සාක්ෂාත් කරගත හැක්කේ අවිහිංසාවාදී විරෝධතා තුලින්."

යාපනය විශ්ව විද්‍යාල සිසු සංගමයේ මුලිකත්වයෙන් 2018 වසරේ සැප්තැම්බර් 17 වැනි  සඳුදා පොංගු තමිල් ස්මාරකය යාපනය විශ්ව විද්‍යාලයේදී විවෘත කර තිබුනි.

එම අවස්ථාවට එක්වෙමින් එවකට යාපනය විශ්ව විද්‍යාලයේ උප කුලපති රත්නම් විග්නේෂ්වරන් පවසා තිබුනේ පොංගු තමිල් ස්මාරකය දෙමළ ජනයාගේ අයිතීන් විදහා දක්වන සංකේතයක් වනු ඇති බවයි.

Pongu Thmail 2024.01.18

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්