leader s

අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරාගේ ඝාතනය සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමෙන් වළකින බව එම පක්ෂයෙන් පාර්ලිමේන්තුවට පත්ව

සිටින අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ට දුරකථනයෙන් මරණ තර්ජන එල්ල කරන ලදැයි කියන සිද්ධියකට අදාළ නඩුවක් ඊයේ යළි කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී නොසිටි අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරාට ලබන ජූනි 4 වැනිදා පෙනී සිටින ලෙස දන්වමින් මහෙස්ත්‍රාත්වරයා සිතාසි නිකුත් කළේය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම අසලදී ඊයේ උදෑසන 8.30ට පමණ සිදුවූ වෙඩි තැබීමකින් අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු 5 දෙනකු ඝාතනයට ලක් වී තිබිණි.

නමුත් සමන් පෙරේරා නමැති අය මියගිය බව අධිකරණය වෙත කරුණු වාර්තා වී නොතිබිණි. ඒ අනුව සැකකරුට සිතාසි නිකුත් කිරීමට මහෙස්ත්‍රාත්වරයා තීරණය කළේය.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සැකකාර සමන් පෙරේරාට එරෙහිව මෙම නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිබිණි.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මෙවර පාර්ලිමේන්තුවට පත්ව සිටින්නේ අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු වෙනි.

(aruna.lk -චාමර පල්ලෙගෙදර)

 අපේ ජන බල පක්ෂයේ සභාපති සමන් පෙරේරාගේ පක්ෂ අර්බුධය ගැන අදහස් දැක්වූ අවස්තාවන්

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්