leader s

මාර්ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබද පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශයෙන්,

ඔවුන් මෙම පනතට ලබා දුන් දායකත්වය නිවැරදිව පිළිපිඹු නොවන බව, ආසියානු ඉන්ටනෙට් සන්ධානය පවසයි.

සහයෝගීතාවයෙන් ඉදිරි කටයුතු කිරීමට සූදානමින් සිටිය ද , මාර්ගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ සංශෝධන පිළිබඳව මෙතෙක් ආසියානු ඉන්ටනෙට් සන්ධානය දැනුවත් කර නොමැති බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දෙයි.

වර්තමාන ස්වරූපයෙන් මෙම පනත් කෙටුම්පත ක්‍රියාත්මක කළ නොහැකි අතර ශ්‍රී ලංකාවේ විද්‍යුත් ආර්ථිකයට ගලා එන සෘජු ආයෝජනවලට ද, එමගින් බලපෑමක් එල්ල වන බව, ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ .

Google, Apple, Meta, X (Twitter), Amazon, Yahoo, Booking.com, FedEx, Pinterest වැනි දැවැන්ත සමාගම් ආසියානු ඉන්ටර්නෙට් සන්ධානයේ සාමාජිකයින් වේ.

AIC 2024.01.24මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පාර්ලිමේන්තුවේදී ඊයේ (23) ආරම්භ විය.

විවාදයට එක්වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුවේ ළමා අපචාර හා කාන්තා හිංසනයට එරෙහි වීම ඇතුළු තවත් කරුණු රැසක් සම්බන්ධයෙන් එමගින් අවධානය යොමුකර ඇති බවයි.

මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ රට තුළ අන්තර්ජාලය භාවිත කර සිදු කරන වැරදි බොහෝ සෙයින් ඉහළ ගොස් ඇති පසුබිමක් තුළ බවද අමාත්‍ය ටිරාන් අලස් පැවසිය. 

 

 

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්