ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කරගත් අලුත් සන්ධානයක් ගොඩනැගීමේ සාකච්ඡා සිදුකෙරෙමින්

පවතින බවද එහි නායකත්ව මණ්ඩලයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රීපාල සිරිසේන සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග ගේ යෝජනා කර ඇති බවට එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

නව සන්ධානයද 'එක්සත් ජනතා නිදහස් සන්ධානයේ' නම යෝජනා වී ඇති බවද එහෙත් එහි ලේකම් දූරය සම්බන්ධයෙන් පවතින ගැටලුවක් නිසා 'පුටුව' ලකුණ යටතේ පවතින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම භාවිතා කිරීමේ වැඩි ඉඩකඩක් පවතින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම සන්ධානයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය ඇතුලු සන්ධානයේ හිටපු පක්ෂ කීහිපයක් එකතු වීමට කැමැත්ත පළ කර ඇති බවද වාර්තාවේ.

නිමල් ලංසා හිටපු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි නව සන්ධානයද මෙම සන්ධානයට එක්වනු ඇති බවද වාර්තාවේ.

මෙම නව සන්ධානය සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට 29 වෙනිදා විශේෂ සාකච්ජාවක් කැඳවා තිබේ.

fdsgertඅලුත් සන්ධානයේ මංගල මහජන රැලිය හෙට (27) ජා ඇල දී


අනුරයාපා -ලන්සා අලුත් සන්ධානයේ මංගල මහජන රැලිය හෙට (27) සවස 3.00ට ජා ඇල නගර මධ්‍යයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ජයග්‍රාහී ගමනක සමාරම්භක පියවර තබමින් පැවැත්වෙන මෙම ජන රැලියට පාර්ලිමේන්තුවේ සභානායක ,අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්, වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු, හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, හිටපු අමාත්‍ය පියංකර ජයරත්න, හිටපු අමාත්‍ය නිමල් ලාන්සා කථිකයින් ලෙස සහභාගිවන බව එම සන්ධානයේ ප්‍රකාශකයකු පැවසිය.

  

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්