දකුණු ඉන්දීය සංගීතයේ 'රාජා' හැටියට විරුදාවලි ලත් ප්‍රවීණ සංගීත විශාරද ඉලයරාජාගේ දියනිය වන ඉන්දීය ජාතික සම්මානලාභී ගායිකාවක් සහ

සිනමා, ටෙලි සංගීත අධ්‍යක්ෂවරියක වූ භවධරිණී තමන් ගොදුරුව සිටි අක්මා පිළිකා රෝගය සඳහා ශ්‍රී ලංකාවේදී ප්‍රතිකාර ගනිමින් සිටියදී ඊයේ (25) අභාවප්‍රාප්ත වූවාය. භවධරණි අවාසනාවන්ත ලෙස මිය ගියේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කර ප්‍රතිකාර ලබා දෙමින් සිටියදීය.

මිය යන විට 47 හැවිරිදි වියේ පසු වූ භවධරිණි කාර්තික් ශංකර් සහ යුවන් ශංකර් රාජාගේ සොහොයුරිය වූ අතර ඇයගේ මෙම අනපේක්ෂිත වියෝව හේතුවෙන් දකුණු ඉන්දීය සිනමාව සහ සෑම කලා අංශයකම පාහේ එක හා සමාන කම්පනයක් ඇති කර තිබේ. ඉලයරාජා සහභාගි වීමට නියමිතව තිබූ දෙදින සංගීත ප්‍රසංගයද මේ හේතුවෙන් දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

Bhavatharini 1

භවධරිණිගේ දේහය මේ වන විට ඉන්දියාවට ගෙන ගොස් තිබෙන අතර ඒ වෙනුවෙන් සියලු මැදිහත්වීම් කළ බව ඉලයරාජා සජීවී සංගීත ප්‍රසංගය සංවිධායකයෝ අද (26) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී පැවසූහ.


මාස හයක් මුළුල්ලේ සංවිධානය කරනු ලැබූ ප්‍රසංගය හෙට (27) සහ අනිද්දා (28) දිනවල කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබූ අතර ප්‍රසංගය සංවිධානය කරනු ලැබ තිබුණේ මර්කරි ඇන්ඩ් මෙගා මියුසික් ඉවෙන්ට්ස් විසිනි.

Bhavatharini12'එවර් රාජා රජතන්' යන නමින්ද හැඳින්වූ ප්‍රසංගය අවලංගු වීමෙන් ශ්‍රී ලාංකික ඉලයරාජා රසිකයින්ට වන පාඩුවට වඩා ඔවුන් බහුතර දෙනා දුක් වන්නේ සිය ප්‍රියතම සංගීතකරුවා සහ ඔහුගේ පවුලේ අය මුහුණ දුන් ශෝකජනක අවස්ථාව ගැනය. ඊයේ ශ්‍රී ලංකාවට පැමිණීමෙන් අනතුරුව එදින ඉලයරාජා සහ තවත් සංගීත තාරකා සහභාගි වන විශේෂ හමුවක්ද සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැත්වීමට කටයුතු යොදා තිබිණි.


'භාරතී' චිත්‍රපටයේ 'මයිල්පොල පොන්නු ඔන්නු' දෙමළ ගීතය වෙනුවෙන් හොඳම පසුබිම් ගායිකාවට හිමි ජාතික චිත්‍රපට සම්මාන දිනූ භවධරිණි සිය පියාගේ මග යමින් චිත්‍රපට පසුබිම් ගායිකාවක සහ සංගීත නිර්මාණකාරිනියකද ලෙස කටයුතු කළාය.
GEsrzjSbwAEWlpk
භවධරිණිගේ වියෝව වෙනුවෙන් හැඟීම්බර සමුගැනීමක් ප්‍රකාශ කරමින් කොලිවුඩයේ ජනප්‍රිය සංගීත නිර්මාණකරුවන් මෙන්ම සිනමා නළු නිළියන් කණගාටුව පළ කර තිබිණි. ඇයගේ අකල් නික්මයාම හේතුවෙන් සියලු දෙනා එක්ව ශෝක වන බව ඒවායින් පෙන්වා දී තිබුණ අතර ශ්‍රී ලංකාවේ ප්‍රසංගය සංවිධානය කළ 'මෙගා මියුසික් ඉවෙන්ට්ස්' කොළඹ ප්‍රසංගය කල් දැමෙන බව සිහි කරමින් මෙන්ම මෙම සිදුවීම සම්බන්ධයෙන් දැඩි ලෙස කම්පා වෙමින්ද විශේෂ නිවේදනයක් නිකුත් කර තිබිණි.


ඉන්දීය සංගීතඥ ඉලයරාජාගේ දියනියගේ හදිසි අභාවය තමන් සියලු දෙනාවම දැඩි ලෙස කම්පා කළ බව එම සමාගම පවසයි. සංගීත්ඥයාට සිදු වූ දරුණු අහිමිවීම ප්‍රසංගයට සහභාගි වීමට නියමිතව, කොළඹට ආ අනෙකුත් ගායක ගායිකාවන් මෙන්ම ඉලයරාජා රසිකයින්ටද බලාපොරොත්තු සුන් වූ අවස්ථාවක් හැටියට එම සමාගම පෙන්වා දී තිබිණි. ප්‍රසංගයේ ප්‍රවේශපත්‍ර බොහොමයක් විකිණී අවසන් අතර මෙම ප්‍රසංගය සඳහා නැවත දිනයක් යොදා නුදුරේම දැනුම් දෙන බවත් ඔවුන් පවසා තිබිණි. ප්‍රවේශපත් මිලදී ගත් පාර්ශ්වවලට එම ප්‍රවේශපත්‍රවලටම ප්‍රසංගය නැරඹීමට හැකි වනු ඇති අතර වැඩි විස්තර සඳහා සංවිධායකයින් අමතන ලෙසද ඔවුන් සිය දුරකථන අංක පළ කර තිබිණි.

ශිවන්ති ප්‍රනාන්දු


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්