leader s

ත්‍රස්තවාදයෙන් මුදවා ගත් රට දේශපාලන නායකයන්ගේ ආර්ථික ත්‍රස්තවාද‍යට යටවී ඇති බැවින්, දූෂිත විනාශකාරී අල්ලස හොරකම ක්‍රියාත්මක

කරමින් යන මේ ආර්ථික ත්‍රස්තවාදය මුලින් උපුටා දැම්මේ සුවිශේෂී කාර්යභාරයක් රණවිරුවන්ට පැවරි ඇතැයි විපක්ෂ නායකවරයා පවසා තිබේ.

නැවතත් වරක් රටට මානුෂීය මෙහෙයුමක් අවශ්‍ය බවත් ඒ තුළින් හොරකම වංචාව තුරන් කර රටේ සම්පත් රටේ දියුණුවට යොදා ගෙන සෞභාග්‍යය සම්පන්න රටක් නිර්මාණය කිරීමට එක්වන ලෙසට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනවාරි 28 වැනිදා කෑගල්ලේ පැවැති රණවිරු සමුළුව අමතමින් ඉල්ලා ඇත.

රටෙ බදු බර වැඩි කර අසාධාරණ යුගයක් නිර්මාණය කර ඇති බව පවසන විපක්ෂ නායකවරයා, මේ නිසා ලක්ෂ 220 ජනතාවට වන්දි ගෙවීමට සිදුව ඇති බවත් ආර්ථික ත්‍රස්තවාදීන් රටේ අයිතිය සින්නක්කරවම තමන්ට ලියා ගෙන රාජ්‍ය දේපල අවභාවිත කිරීම නිසා මේ තත්ත්වය ඇතිව තිබෙන බවයි පෙන්වා දී ඇත්තේ.

 රටේ සුපිරි ධනවතුන් කෝටිපතියන් 1212ක් කෝටියකට වඩා බදු පැහැර හැර ඇති මුත් සාමාන්‍ය ජනතාව වැට් බදු වැඩි කිරීම නිසා 30,000කට වැඩි බදු මාසිකව ගෙවන බවද විපක්ෂනායකවරයා ප්‍රකාශ කර ඇත.

මහජන සහ ලංකා බැංකුවෙන් ඇප නොමැතිව ණය ගත් සුපිරි කෝටිපති ආයතන ණය නොගෙවා රටට විශාල පාඩුවක් කර ගජමිතුර දේශපාලනඥයන් හරහා රටට වාසිදායක ගිවිසුම් සකස් කරමින් ණය පැහැර හරිමින් සිටින මුත්, නීති ගෙනැවිත් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ පුද්ගලික දේපල වෙන්දේසි කරන තත්වය නතර කළ යුතු බව ද විපක්ෂ නායකවරයා අවධාරණය කර තිබේ.

සමගි ජන බලවේග කැගලු රණවිරු සමුළුවේදී විශ්‍රාමික උතුරු පළාත් ආඥාපති අද්මිරාල් ඩී. එම්. එස් දිසානායක, විශ්‍රාමික බටහිර ප්‍රදේශ ආඥාපති අදිමිරාල් එන්. කේ. ඩී. නානායක්කාර, විශ්‍රාමික අධ්‍යක්ෂ ජනරාල් සෞඛ්‍යය  විශේෂඥ (වෛද්‍ය) අද්මිරාල් ජී.එස්. ආර්. ජයවර්ධන, විශ්‍රාමික දකුණු ආඥාපති අද්මිරාල් හරේන්ද්‍ර ඒකනායක, විශ්‍රාමික ආඥාපති වයඹ පළාත් අද්මිරාල් ඩී එන්. එම්. එල්. ඒ. දිසානායක සහ විශ්‍රාමික ඊසාන දිශා ආඥාපති මහින්ද මහවත්ත යන හමුදාවේ විශ්‍රාමික ඉහළ නිලධාරින් රැසක් සමගි ජන බලවේග රණවිරු සමුළුව හා එක්විය.


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්