leader s

එළැඹෙන මැතිවරණවලදී දෙමළ දේශපාලන පක්ෂවල සහ මෙරට සුළු පක්ෂවල සහයෝගය ආණ්ඩුවක් බිහිකිරීමට හෝ නව ජනාධිපතිවරයෙකු

තෝරාපත් කරගැනීම සඳහා ප්‍රබල සාධකයක් වනු ඇති බව දේශපාලන විචාරකයින් පෙන්වා දෙති.

මෙරට සුළු ජාතික පක්ෂ ඡන්ද ප්‍රතිශතය සියයට 31ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

එමෙන්ම දෙමළ දේශපාලන පක්ෂ සහාය ලබා දෙන ආකාරයද සලකා බැලීමේ දී මහමැතිවරණය සහ ජනාධිපතිවරණය මෙම කාරණා කිහිපය මත රඳා පවතිනු ඇති බව දේශපාලන විචාරකයින් සඳහන් කළේය.

එමෙන්ම උතුරු - නැගෙනහිරට මෙන්ම වතුකරයට ද පත්වන දේශපාලන නායකත්වය සමග මෙම තත්ත්වයන් බොහෝ සේ වෙනස් විය හැකි වේ.

ඉලංගෙයිතමිල් අරුසු කච්චි පක්ෂයේ සහයෝගය සහ මුස්ලීම් පක්ෂවල සහයෝගය ද මෙහිදී එක හා සමාන වනු ඇත.

පසුගිය දා අවසන් වු ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ නායකයා තේරීමේ දී ශ්‍රී ධරන්ගේ ජයග්‍රහණය කෙරෙහි මෙරට සිංහල දේශපාලන පක්ෂ නායකයින් ද දැඩි අවධානයක් යොමු කර තිබිණි.

ඊට හේතුවී ඇත්තේ ඉදිරියේ දී දෙමළ ජාතික සන්ධානයේ නායකයා ද තමිල් අරුසුකච්චි පක්ෂයේ නායකයා වනු ඇති බවට විවිධ මත පළ වීමත් සමගය.

(adaderana.lk)


සබැඳි පුවත් :
දෙමළ සන්ධාන නව නායකත්වයේ සහාය කාටද ? ජනාධිපති අපේක්‍ෂකයෝ විමසිල්ලෙන් !

දෙමළ ජාතියේ අයිතීන් වෙනුවෙන් සටන් වැදීමට ITAK නව නායකයාගෙන් ප්‍රතිඥා

උතුර ශ්‍රීධරන්ට! - ශ්‍රීධරන් කාට ද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්