ජනාධිපති, අගමැති, රාජ්‍ය සේවකයන්, මාධ්‍ය ප්‍රධානීන් ඇතුළු විවිධ ඉහළ පෙළේ පුද්ගලයන්ගේ වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතු කාලසීමාවක් නියම කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැඩි නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව, ජනපතිවරයා අගමැතිවරයා ප්‍රමුඛ දේශපාලඥයන්ගේ ද රාජ්‍ය සේවයේ නියුක්ත එක් ලක්ෂ පනස් දහසක (1,50,000) පමණ වන මාණ්ඩලික ශ්‍රේණිවලට අයත් රාජ්‍ය සේවකයන්ගේ සහ මාධ්‍ය ප්‍රධානීන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබා ගැනීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.
මෑතකදී පනවන ලද අල්ලස් හෝ දූෂණ චෝදනා පනතට අනුව මෙම පියවර ගෙන තිබේ.
මේ අනුව ක්ෂේත්‍ර තිස් එකකට අයත් තැනැත්තන් සිය වත්කම් හා බැරකම් ප්‍රකාශ අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාවට සෑම වසරකම මාර්තු 31 වැනිදාට පෙර බාරදීම අනිවාර්ය වේ.