වෛද්‍ය නොවන සුව සේවකයන් විසින් සිදුකරනු ලබන වැඩ වර්ජන ක්‍රියාමාර්ගවල සැඟවුණු අරමුණු හා පුද්ගලික දේශපාලන න්‍යාය පත්‍රයන්, නොබෝ දිනකින් රට ඉදිරියේ දිඟ හැරෙනු ඇති බවට වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිතියක් ප්‍රකාශ කර තිබේ.


වෘත්තීය සටන පැරදුනත් මේ වන විටත් කරලියට පිවිස සිටින මෙම වෘත්තීය සමිති නායකයන් නම් පෞද්ගලිකව තම අභිමතාර්ථ ජයග්‍රහණය කරනු ඇති බව පෙන්වා දෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (GMOA) ඉදිරියේදි මෙම පිරිස නම් ගම් සහිතව හෙලිදරව් කිරීමට සුදානම් බව පවසයි.

රජයේ සෞඛ්‍ය ආයතන වල සේවය කරන සියලුම හිතවත් වෛද්‍ය නොවන කාර්ය මණ්ඩල සාමාජිකයන් වෙත විවෘත සංදේශයක් ඉදිරිපත් කරමින් එම සංගමයේ ලේකම් හරිත් අලුත්ගේ මේ බව කියා සිටි.

 

වෛද්‍යවරුන්ගේ බාධා කිරීම්, රැඳි සිටිමේ හා ප්‍රවාහන (DAT) දීමනාව සංශෝධනය කිරීම සඳහා රජය විසින් ගත් තීන්දු සාධාරණ බව පවසන එම සංගමය  “DAT දීමනාව ගණනය කරන නිශ්චිත සමිකරණයට වර්තමාන අගයන් ආදේශ කල විට ලැබෙන වටිනාකමට කිසිසේත්ම ලඟාවීමට නොහැකි වුවත්, මේ මොහොතේ රටේ පවතින ආර්ථික තත්ත්වයන් සැලකිල්ලට ගනිමින් ප්‍රකාශයට පත් කල සංශෝධනය අනුව ඉදිරියට යාමට එකඟතාවය පල විය.“ යනුවෙන් සඳහන් කර තිබේ.

 

තම සංගමය වෛද්‍යවරුන්ට සාධාරණය ඉටු කිරීමේ සටනක් ආරම්භ කල මොහොතේ, සෞඛ්‍ය ක්ෂේත්‍රය නියෝජනය කරන, වෘත්තීය සමිති විසින් 2024 අයවැය ඉලක්ක කර අවධාරණය කලේ ජීවන වියදම් ප්‍රශ්ණයට විසඳුමක් ලෙස, සමස්ථ රාජ්‍ය සේවක මාසික වැටුප රු. 20,000.00 කින් ඉහළ දමන ලෙසට බවයි සංදේශයේ සඳහන් වන්නේ.

වන බරින් හෙම්බත් වී සිටින සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඔබ ඇතුලු සමස්ථ රාජ්‍ය සේවකයන්ට ඉහළ දැමු දීමනාව ප්‍රමාණවත් නොවන බව පිලිගන්නා රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය වෛද්‍යවරුන්ගේ DAT දීමනාව තමන්ටත් ලබා දෙන ලෙස බලකරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ප්‍රකාශයට පත් කිසිසේතම සාධාරණ නොවන බව කියා සිටි.

දිනාගත නොහැකි ඉල්ලීමක්

 

වෛද්‍යවරුන්ට ලබා දුන් රු. 35,000ක DAT දීමනාව ලබා ගැනීමට සටන් කිරිම දිනාගත නොහැකි ඉල්ලීමක් බව පෙන්වා දෙන වෛද්‍ය සංගමය මේ මොහොතේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගැනීම කිසිසේතම සාධාරණීකරණය කළ නොහැකි බවයි පවසන්නේ.

 

“අප නිරීක්ෂණය කරන පරිදි, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය නොවන කාර්ය මණ්ඩල නියෝජනය කරන ඔබ සැමට පොදුවේ මෙන්ම වෙන් වෙන්වත් බලපාන සාධාරණ ගැටලු රාශියක් පවතින වටපිටාවක ඒ සියල්ල අමතක කර දමා සමාජය ඉදිරියේ කිසිසේත්ම සාධාරණියකරණය කල නොහැකි හා දිනාගත නොහැකි මෙවන් ඉල්ලීමක් ඉදිරිපත් කිරීම කා විසින් කුමන න්‍යාය පත්‍රයකට අනුව සිදු කරන ලද්දේ ද යන්න සමීපව අධ්‍යයනය කල යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස තරයේ විශ්වාස කරමු.”

“පටු පෞද්ගලික න්‍යාය පත්‍රයන් ඔස්සේ ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නායකයින් කිහිප දෙනෙකුට ඔබ නියෝජනය කරන වෘත්තීය කාණ්ඩය ඇතුලු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෛද්‍ය නොවන කාර්ය මණ්ඩල වල අභිමානය විනාශ කිරීමටත්, හෑල්ලු කිරීමටත් ඉඩ නොදෙන ලෙස සහෝදරාත්මකව ඉල්ලා සිටිමු.” යනුවෙන් එම සංගමය නිකුත් කළ සංදේශයේ දැක්වේ.




සබැඳි පුවත් :
දොස්තරලාගේ 'ඩැට් එක' සහ සුව සේවක 'අප්සෙට් එක' – සුනිල් කන්නන්ගර

30012024 Other Trade Union 240130 145446 page 000130012024 Other Trade Union 240130 145446 page 0002


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්