leader s

අන්තර්ජාල ක්‍රියාකාරකම් සම්බන්ධ පසුගියදා පාර්ලිමේන්තුවේ සම්මත වූ 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතා පනත මේ වනවිට

බලාත්මක වේ.

එහි විධි විධාන අනුව සමාජ මාධ්‍ය ඔස්සේ කෙනෙකු අනවශය අපහසුතාවයකට ලක්කිරීම 'බුලි කිරීම’ වසර 5 කට සිරගත කරවන වරදකි.

අවසරයකින් තොරව වෙනත් පුද්ගලයන් අතට පත්ව (ලීක්) හෝ සබඳතා බිඳ වැටුණු පසු පළි ගැනීමේ චේතනාවෙන් මුදාහරින වීඩියෝ (Revenge porn) සම්බන්ධයෙන් අලුත් පනතේ 20 වන වගන්තිය මගින් විස්තර කර ඇත්තේ පහත පරිදි ය.

Online bil1 2024.02.03 
මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත - සිංහල

ONLINE SAFETY ACT - English

ප්‍රධාන සමාජ මාධ්‍ය 5ක් අධිකරණ කමිටුවට කැඳවයි


මාර්ගගත ක්‍රමවේදයන් සම්බන්ධයෙන් ඉදිරියේදී අමෙරිකානු රජය ගෙන එන නීතිවලට එකඟ වන බව අන්තර්ජාල සේවා සපයන අන්තර්ජාතික ආයතන
ප්‍රධානීන් ජනවාරි 31දා එකඟ වී තිබේ.

මෙටා (Meta), ටික්ටොක් (TikTok), ස්නැප් (Snap), ඩිස්කෝඩ් (Discord) සහ පෙර ට්විටර් (Twitter) ලෙස හැඳින්වුණු වත්මන් එක්ස් (X) ඇතුළු ප්‍රධාන සාමාජ මාධ්‍ය ආයතන 5 ක විධායක නිලධාරීන් ඊයේ (31) ඇමරිකා එක්සත් ජනපද කොන්ග්‍රස් මණ්ඩලයේ අධිකරණ කමිටුව වෙත කැඳවා එහි කටයුතු පිළිබඳව විමසා තිබිණි.

මෙහිදී අවධානය යොමු වූයේ මාර්ගගත ක්‍රමවේදයන්හි පවතින අනාරක්ෂිත භාවය හේතුවෙන් සමාජයට ඇතිවී තිබෙන අහිතකර බලපෑම් නැවැත්වීමට අදාළ ආයතන අපොහොසත් වීම පිළිබඳව හේතු විමසා තිබේ.

මෙම කණ්ඩායමේ සමාජ මාධ්‍ය වේදිකා තුළින් විවිධ පාර්ශ්වයන්ට සිදු වන හානිය නැති කිරීමට ඔවුන් ස්වේච්ඡාවෙන්ම අපොහොසත්වීම නිසා ඉදිරියේදි ඇමරිකානු රජය ගෙන එන නීති වලට එකඟවන බව අන්තර්ජාල සේවා සපයන මෙම ආයතනවල ප්‍රධානීන් මෙහිදී ප්‍රකාශ කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුනි.



(උපුටා ගැනීම - asianmirror.lk)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්