leader s

ලංකාවේ ගුවන් තොටුපළවල් සංවර්ධනය, කළමනා කරණය සහ ක්‍රියාත්මක කිරීම සඳහා වන සහයෝගිතාව වෙනුවෙන් වන අවබෝධතා ගිවිසුමක්

ඉන්දියාව සමග අත්සන් කිරීම නියමිතය.

ඉන්දියාව සමග එම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට නියමිත බව අපගේ විදේශ කටයුතු අමාත්‍යාංශ මූලාශ්‍ර ප්‍රකාශ කරන අතර මෙම අවබෝධතා ගිවිසුම සකස් කිරීම සිදුකර ඇත්තේ ඉන්දියාව විසිනි.

ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 2023 ජුලි මාසයේදී ඉන්දියාවේ කළ සංචාරයේදී දෙරට අතර සම්බන්ධතාව ශක්තිමත් කිරීම සඳහා ඉන්දීය ආයෝජනවල වැදගත්කම සම්බන්ධයෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙනි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකා විදේශ කටයුතු අමත්‍යංශයේ පසුගිය වසරේ නොවැම්බර් 03 දින දැනුවත් කර ඇති අතර ඒ අනුව විදේශ කටයුතු අමත්‍යංශය විසින් වරාය, නාවික හා ගුවන් සේවා අමත්‍යංශය දැනුවත් කර ඇත.

මෙම අවබෝධතා ගිවිසුම තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවේ ගුවන් තොටුපළවල් තුළ සිදුකරන නිශ්චිත කාර්යයන් සඳහන් කර නැති අතර එය ගැටලුවක් බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංගයේ නිලධාරියෙක් අප කළ විමසීමකදී පැවසීය.


(anidda.lk -ලසන්ත රුහුණගේ)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්