leader s

බාල බෙහෙත් ජාවාරම සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල

පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයට හෙට (7) සහභාගී කරවීමට කතානායක මහින්ද යාපා අබේවර්ධන අවසරදී ඇත.

කතානායකවරයා මේ අවසරය දී ඇත්තේ රඹුක්වැල්ල ට පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගී වීමට අවසර දෙන ලෙස ඔහුගේ ලේකම්වරයකු කළ ඉල්ලීමක් අනුවය.

මේ අනුව වේත්‍රධාරි කුෂාන් ජයරත්න, කෙහෙළිය රඹුක්වැල්ල  පාර්ලිමේන්තුවට රැගෙන එන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට ඊයේ ලිඛිතව දැනුම් දී ඇත.

මේ අනුව කෙහෙලිය රඹුක්වැල්ල මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ ඉදිරි රැස්වීම් සියල්ලටද කැඳවෙනු ඇත.

මේ අතර කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍ය ධුරයෙන් ඉවත්වී ඇති හෙයින් ඔහුට පාර්ලිමේන්තු සභාගර්භයේ ආණ්ඩු පක්ෂයේ පසුපෙළ මන්ත්‍රී ආසනයක් පිළියෙල කෙරෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

 කෙහෙළියට නිවසෙන් ආහාර ගන්න අවසර

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ට නිවසෙන් ලබාදෙන ආහාර ගැනීමට අවසර ලබා දී තිබේ.

ඒ, වෛද්‍ය නිර්දේශ මතයි.

මේ සම්බන්ධයෙන් ඔහු විසින් ලිඛිත ඉල්ලීමක් කර ඇතැයි ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී. බී. දිසානායක පැවසුවේ ය.

දැනට බන්ධනාගාර රෝහලේ සිටින කෙහෙළිය රඹුක්වැල්ල පෞද්ගලික රෝහලක ප්‍රතිකාර සඳහා ඉල්ලීමක් කර නැතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ  කොමසාරිස් ගාමිණී. බී. දිසානායක සඳහන් කළේ ය.

 

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්