leader s

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත (ඔන්ලයින් පනත) ටිරාන් අලස් අමාත්‍ය ධුරය දරන මහජන ආරක්ෂක අමාත්‍යාංශය යටතට පත්කර

තිබේ.

එම පනත මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ විෂය පථයට ඇතුළත් කරමින් ජනාධිපති ලේකම් සමන් ඒකනායක අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (7) නිකුත් කර ඇත.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත ඉකුත්දා පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර පසුව කතානායකවරයා ඊට අත්සන් කිරීමත් සමඟ එය මේ වන විට බලාත්මකවේ.

කෙසේවෙතත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාවය පිළිබඳ පනත සම්බන්ධයෙන් දේශීය මෙන්ම විදේශීය ආයතන ද සිය දැඩි අවධානය මේ වන විටත් යොමුකර ඇත. ඒ අතරට ලොව ප්‍රමුඛපෙලේ සන්නිවේදන ආයතන ද ඇතුලත් වේ.

පරිසර අමාත්‍ය ධුරය ජනපති යටතට

මේ අතර අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව පරිසර අමාත්‍ය ධුරය ජනාධිපතිවරයා භාරයේ තැබිය යුතු බවට නිශ්චය කර ඇති බව සඳහන් කරමින් ජනාධිපති ලේකම්වරයාවරයා තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබුණි.

රක්ෂිත බන්ධනාගාර ගත වීම නිසා කෙහෙළිය රඹුක්වැල්ල පරිසර අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

 Gazette 123


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්