දෙමළ උපාධි අපේක්ෂකයන්ට එරෙහි පොලිස් වධබන්ධන නොනැසී පවතින බව රටේ මානව හිමිකම් හා

සම්බන්ධ බලධාරීන්ට කරන ලද පැමිණිල්ලකට අනුව හෙළිවී තිබේ.

ජාතික නිදහස් දිනයේදී උතුරේ සාමකාමී කළු කොඩි පෙළපාළියක් පැවැත්වීම නිසා දෙමළ මන්ත්‍රීවරුන් සහ මහජනතාව ඉදිරියේ විශ්ව විද්‍යාල සිසුන් හත් දෙනකු පොලිස් ප්‍රචණ්ඩතාවට ගොදුරු වූ අතර ඔවුන් පැය පහකට කාලයක් රඳවා තබා ගැනීමෙන් අනතුරුව නිදහස් කර තිබේ.

ඊට පසුදින සඳුදා (5) තවත් විශ්ව විද්‍යාල සිසුවකු හට පොලිසිය විසින් කරන ලද අමානුෂික පහර දීමක් සම්බන්ධයෙන් එම සිසුවා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර ඇත.


මෙම පහර දීමට ලක්වූ  සිසුවා වන කරුණාකරන් නිදර්ශන් චෝදනා කර සිටියේ තම යතුරු පැදියට පෙට්‍රල් පුරවා ගැනීම සඳහා විශ්ව විද්‍යාලයේ සිට ඉන්ධන පිරවුම්හලකට ගොස් එමින් සිටියදී ශ්‍රී ලංකා පොලිසිය විසින් වටලා අමානුෂික ලෙස පහර දුන් බවයි. ඔහු ආපසු එන අතරමගදී පොලිසියෙන් ඔහුට නවත්වන ලෙස දන්වා ප්‍රශ්න කර ඔහු සමඟ බහින්බස් වීමක් ඇති කරගෙන මම පහර දීම සිදු කළ බව ඔහු කියා සිටියේය.


අවශ්‍ය ලියකියවිලි සහ රියදුරු බලපත්‍රය ලබාදී තිබියදීත් පොලිස් නිලධාරියා තමන් රඳවාගෙන අමතර පිරිසක් කැඳවූ බව ඔහු පවසා සිටි අතර ඔවුන්ගෙන් හය හත් දෙනකු පමණ නිල ඇඳුමක් නොමැතිව සිවිල් ඇඳුමෙන් පැමිණ නිතර්සන්ට දරුණු ලෙස පහර දී තිබේ.

නිදර්ශන් කියනා පරිදි පොලිසිය විසින් ඔහුට ප්‍රසිද්ධියේ මිනිසුන් ගැවසෙනා ස්ථානයක සිට මෙම  අමානුෂික පහර දීම සිදු කර ඇති අතර ඔහු වේදනාව දර ගත නොහැකිව කෑ ගසන අයුරු මිනිසුන් දුටු බවද කියා සිටියේය.

"කඩේ මුදලාලි ඒක දන්නවා. එතන ඉස්සරහ කැමරාවකුත් තිබ්බා. ඊට පස්සේ මාව ඇදගෙන ගියා. මම කිවුවා මේක ට්‍රැෆික් ප්‍රශ්නයක්, මම මගේ ලයිසන් එකත් දුන්නා ඕගොල්ලන්ට, මට දඩයක් ගහනවානම් ට්‍රැෆික්  නීති කැඩුවා කියලා මට දඩ කොලේ දෙන්න, ඇයි මට මෙහෙම කරන්නේ?" නිතර්සන් මානව හිමිකම් කොමිසමේ යාපනය කාර්යාලයට කළ පැමිණිල්ලෙන් පසුව වීඩියෝ පටයකින් මෙසේ පවසා සිටියේය.

වඩ්ඩුක්කොඩ්ඩෙයි පොලිස් ස්ථානයේ අපරාධ අංශයේ කාර්යාලය වෙත නිදර්ශන්  රැගෙන ගොස් නැවත කාමරයක් තුළදී ඔහුට වධ හිංසා පමුණුවා ඇතැයි ඔහු චෝදනා කරේය.

“ඒගොල්ලෝ මට ෆෝන් එක අන්ලොක් කරන්න කිව්වා. මම කිව්වා ඒකෙ මගේ පුද්ගලික එක හින්දා අන්ලොක් කරන්න බැහැ කියලා. මට ෆෝන් දෙකක් තිබුණා. එකක්වත් අන්ලොක් කළේ නැහැ.”  


ඔහුට හුස්මගැනීමට අපහසු වීම නිසාත් හුස්ම හිරවීම දැනුණු නිසාත් පොලිසිය ඔහුව දමා ගිය බව කියා සිටියයේ. දරුණු ලෙස පහර දීම නිසා ඔහුගේ කකුල් වල ඇතිවූ කැක්කුම ඔහුට නිදහසේ ඇවිදීමට නොහැකි තත්වයකට පත් වී තිබු අතර මෙම පහර දීම පිලිබඳ ආරංචි වීමෙන් ඔහුගේ මවද සිදුවීම සිදු වූ ස්ථානයට ආ බව ඔහු කියා සිටියේය.


නිදර්ශන් පසුව ආරක්ෂාව පතා කොර ගසමින් දිව ගොස් යාපනය මානව හිමිකම් කොමිසමේ කාර්යාලයට පැමිණ ඔවුන්ට පැමිණිල්ලක් සිදු කර ඇත.

“ඔවුන් මට ගහනකොට මට මතක් වුණේ වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසියේ ගුටිබැටින් මැරිච්ච ඇලෙක්ස්ව” නිතර්සන් පැවසීය.

25 හැවිරිදි නාගරාසා ඇලෙක්ස් මීට මාස තුනකට පෙර වඩ්ඩුක්කොඩෙයි පොලිස් අත්අඩංගුවේ දී ඝාතනය ලක් විය.

මියගිය දෙමළ තරුණයාගේ මෘත දේහය යාපනය ශික්ෂණ රෝහලට රැගෙන එන විට ඔහුගේ සිරුරේ තුවාල රැසක් තිබූ බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් තහවුරු විය.

 


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image