දෙමළ දේශපාලන සිරකරුවකුට බන්ධනාගාරය තුලදී පහරදීම සම්බන්ධයෙන් දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව

පරීක්ෂණ ආරම්භ කර ඇතැයි බන්ධනාගාර බලධාරීහු පවසති.

 මැගසින් හිරගෙදර සෝදිසි මෙහෙයුමක් සඳහා බන්ධනාගාර පොලිස් භට කණ්ඩායමක් සමග පැමිණි හිටපු යුද සෙබළකු ප්‍රදීපන් නම් දෙමළ දේශපාලන සිරකරුවකුට පසුගිය මාසයේ පහරදීම පිළිබඳ චෝදනා විභාග කිරීමට මණ්ඩල දෙකක් පත් කළ බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

 පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ ශ්‍රී ලංකා තමිල් අරසු කච්චි (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් විසින් බන්ධනාගාර කටයුතු අමාත්‍යවරයාට ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිරීමෙන් අනතුරුවය.  

 සහකාර පොලිස් අධිකාරීවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් කණ්ඩායමක් මෙන්ම මැගසින් බන්ධනාගාර නිලධාරීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්ද පරීක්ෂණ ආරම්භ කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පවසයි.

 එම පරීක්ෂණ පවත්වනු ලබන්නේ අධිකරණ, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ විසින් සඳුදා (05) කළ ඉල්ලීමට අනුව බව කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය.

 මැගසින් බන්ධනාගාරයේ සෝදිසි මෙහෙයුමක් සඳහා පැමිණි හිටපු හමුදා නිලධාරියෙකු දෙමළ දේශපාලන සිරකරුවකුට වන ප්‍රදීපන්ට පහරදුන් බවට මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රීවරයා චෝදනා කර තිබුණි.

 
 රඳවා සිටින දෙමළ දේශපාලන සිරකරුවන් බැලීමට ජනවාරි 26 වැනිදා මැගසින් බන්ධනාගාරයට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව සඳහන් කළේය.

 “මේ මැගසින් බන්ධනාගාරයේ සිටින ප්‍රදීපන් කියන දේශපාලන සිරකරුට පහර දුන්නේ මේ මැගසින් බන්ධනාගාරයේ රාජකාරි නොකරන බන්ධනාගාර පොලිසිය කියන පිටින් පැමිණි ඒකකයකින් ආපු කෙනෙක්. එයා කලින් යුද හමුදාවේ සිටි අයෙක්. එයා සර්ච් ඔපරේෂන් එකකට කියලා මෙතනට ඇවිත් පහර දුන්නා කියලා කියනවා.”

 මේ පිළිබඳව බන්ධනාගාර පරිපාලනයෙන් විමසා සිටි බවත් විජයදාස රාජපක්ෂ ඇමැතිවරයා දැනුවත් කළ බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.  


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්