leader s

මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වන අදියරේ ඉදිකිරීම් 'තයිසේ කෝපරේෂන්' සමාගමෙන් ඉවත්කර නැවත ටෙන්ඩර් කැඳවීමට තීරණය කර ඇති කැබිනට් මණ්ඩලය,කටුනායක ගුවන්තොටුපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ කොන්ත්‍රාත්තුව එම සමාගමට ලාබාදී ඇතැයි වාර්තාවේ.

තයිසේ සමාගම පිළිබඳව මෙරට මෙන්ම ජාත්‍යන්තරව ද ප්‍රශ්නගත සිදුවීම් රැසක් වාර්තා වේ. මධ්‍යම අධිවේගී මාර්ගයේ තුන්වෙනි අදියරේ කොන්ත්‍රාත්තුව මෙම සමාගම ලබාගත් ආකරය ද ඉන් ප්‍රධාන වේ.

එහිදී 'තයිසේ' සමාගම ලංසු සඳහා අවශ්‍ය ඇපකරය ලබානොදීම නිසා ටෙන්ඩර් ක්‍රියාවලිය තුළ සුදුසුකම් නොලැබූ සමාගමක් බවට පත්වුණි.

දෙවෙනිවර ලංසු ඉදිරිපත් කිරීමට ඉඩදුන් අවස්ථාවේ ඔවුන් ඉදිරිපත් කළේ වැඩිම ලංසුවයි.

 
 ශ්‍රී ලංකාව නැවත ජපාන තානාපති කාර්යාලයෙන් කළ ඉල්ලීම අනුව ෆුජිටා සමාගම ඒ සඳහා ලංසු ඉදිරිපත් කළ අතර එයද සුදුසුකම් නොලැබූ බවට පවසමින් කොන්ත්‍රාත්තුව 'තයිසේ' සමාගමටම ලබාදීමටම තීරණය විය.

ඒ වනවිටත් ෆුකුඕකා නගරයේ ප්‍රධාන වීදියක මාර්ගය ගිලා බැසීමේ සිද්ධිය සම්බන්ධයෙන් ද තයිසේ සමාගමට විවේචන තිබුණි. මෙම ගිලා බැසීම සිදුවූයේ තයිසේ සමාගම උමං මාර්ගයක් ඉදිකිරීමට කැනීම් කරන අවස්ථාවේදී ය.

ටෙන්ඩර් මගඩි සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපකීර්තියකට ලක්වූ සමාගමක් 
තයිසේ සමාගම ටෙන්ඩර් මගඩි සම්බන්ධයෙන් හිමිකරගෙන ඇත්තේ ජාත්‍යන්තර අපකීර්තියකි.

තයිසේ සමාගම ටෙන්ඩර් වංචා කළ බවට 2017 වසරේ පෙබරවාරි මාසයේ ජපානයේ සාධාරණ වෙළෙඳ කොමිසමේ චෝදනාවට ලක්වුණි.

ජපානයේ නීතිය අනුව ඒකාධිකාරිය වැළැක්වීමේ පනත උල්ලංඝනය කළ බවට මෙහිදී චෝදනා නැගුන අතර එය අපරාධමය වරදකි.

සිය වාර්ෂික වාර්තාවෙන් මේ සම්බන්ධයෙන් වරද පිළිගත් තයිසේ සමාගම කණගාටුව ද පළ කළේ ය.

මේ අතර තයිසේ සමාගම විධායක නිලධාරීන් 2020 ටෝකියෝ ඔලිම්පික් තරගාවලියේ ගොඩනැගිලි සහ ඉදිකිරීම් සිදුකිරීම සහා පැවති ලංසු තැබීමේ ක්‍රියාවලියේදී අක්‍රමිකතා සිදුකිරීම නිසා එම සමාගම අදාළ කටයුතුවලින් අත්හිටුවන ලෙස ද සංවිධායකින් තීරණය කෙරිණි.


කොළඹ හිල්ටන් හෝටලය කොන්ත්‍රාත්තුවේදී එක් මහලක් අඩුවෙන් !


මේ අතර කොළඹ හිල්ටන් හෝටලය ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවේදී එක් මහලක් අඩුවෙන් ඉදිකළ බවට තයිසේ සමාගමට වරක් චෝදනා එල්ල වූ අතර ඒ සඳහා අධිකරණ ක්‍රියාමාර්ගද ගත්තේ ය.

කෙසේවෙතත් අවසානයේ මධ්‍යම අධිවේගී මාර්ගයේ තෙවන අදියරේ ඉදිකිරීම් මේ දක්වා ආරම්භ නොවූ අතර දෙවැනි අදියර අවසන් කිරීමටත් පොතුහැර අන්තර් හුවමාරුව නිමකල යුතුව තිබුණි.

එහෙත් එම කොන්ත්‍රාත්තුව ලබාසිටි තයිසේ සමාගම රජය එය නැවත ලබාදෙන ලෙස ඉල්ලීමක් කළ විට අන්තර් හුවමාරුව ඉදිකිරීමේ කටයුතු ලබානොදෙන්නේ නම් මාර්ග කොටස ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ද සිදුකළ නොහැකි බව ශ්‍රී ලංකා රජයට දැනුම් දුන්නේ ය.

කොළඹ පිටත වට රවුම් මාර්ග ඉදිකිරීමෙන් අනතුරුව රජයට පවරාගැනීමේ ප්‍රමාදය හේතුවෙන් රුපියල් බිලියන 4 ක වන්දියක් ද ඉල්ලා සිටියේ මෙම සමාගමයි.

හිරොකි හොරිකාවා මෙහි මෙම සමාගමේ ප්‍රධාන නියෝජියා ලෙස මෙරට කටයුතු කරයි.

කටුනායක ගුවන්තොටුපොල කොන්ත්‍රාත්තුව තයිසේ සමාගමට හිමිවන්නේ මෙවන් පසුබිමක ය.

නව රජය පත්වී තෙමසක් ගතවීමට පෙර පැවති රජයේ තීරණ අනුව යන බව පවසමින් ඩොලර් මිලියන 570 ක ණයක් ලබා ගනිමින් සිදුකරන ව්‍යාපෘතියක් මෙවන් ප්‍රශ්නගත සමාගමක් වෙත ලබාදීම පිලිගත හැකිද ?

බලය සඳහා පක්ෂ මාරු වුවද සමාගම් මාරු නොවීමට හේතුව කුමක්ද?

(මූලාශ්‍රය - newsfirst.lk)

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්