leader s

යුද කලාපයේදී දහඅට අවුරුද්දකට පෙර දෙමළ තරුණයකු අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදාව වගකිව යුතු බවට අධිකරණය තීන්දු

කර තිබේ.

ඕමන්ත මුරපොලේ හමුදා බාරයේ සිටියදී අතුරුදහන් වූ කන්දසාමි ඉලමාරන් සම්බන්ධයෙන් ගොනු කර ඇති හබයාස්කෝපස් පෙත්සම පිළිබඳ නඩුව වවුනියාව මහාධිකරණයේ බ්‍රහස්පතින්දා (07) විභාගයට ගන්නා ලදී.

නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මානික්කවාසගර් කියා සිටියේ එකල ඕමන්ත අණදෙන නිලධාරියා, වන්නි ප්‍රාදේශීය ආඥාපතිවරයා සහ එවකට සිටි ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා ඉහත කී තරුණයා අතුරුදහන් කිරීමට වගකිව යුතු බවයි.

 එම තරුණයා 2006 දී අතුරුදහන් වන අවස්ථාවේ ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා ලෙස විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා කටයුතු කළ අතර වන්නි ආඥාපතිව සිටියේ මේජර් ජෙනරාල් ඩබ්ලිව්. යූ. බී එදිරිසිංහයි.  


තරුණයාගේ අතුරුදහන්වීම සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙසද වවුනියාව මහාධිකරණ විනිසුරුවරයා නීතිපතිවරයාට නියෝග කර තිබේ.

 ඉලමාරන් තරුණයා ජූලි මස 3 වැනිදා හෝ ඊට පෙර අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස විනිසුරුවරයා ශ්‍රී ලංකා යුද හමුදාවට නියෝග කර ඇත.

 මෙය ක්‍රියාත්මක නොකරන්නේ නම් ඊට වගකිවයුතු බවට හඳුනාගෙන ඇති හමුදා නිලධාරීන් තිදෙනා දෙසැම්බර් 03 වැනිදාට පෙර තරුණයාගේ මෑණියන්ට රුපියල් මිලියනයක් ගෙවිය යුතු බවද විනිසුරු ඉලන්චේලියන් සිය තීන්දුවේ සඳහන් කර ඇත.

  2006 වසරේදී එල්.ටී.ටී.ඊ පාලන ප්‍රදේශයේ සිට හමුදා පාලන ප්‍රදේශයේ පිහිටි ඕමන්ත යුද හමුදා මුරපොළට පැමිණි පසු  කන්දසාමි ඉලමාරන් අතුරුදහන් වී තිබේ.

 
කෙසේ වෙතත්, යුද හමුදාව අධිකරණයට දන්වා ඇත්තේ එම තරුණයා අත්අඩංගුවට ගෙන හෝ රඳවා තබා නොගත් බවයි.

දෙමළ තරුණයා ඕමන්ත මුරපොලට පැමිණි බව එහි තිබුණු ආගිය පුද්ගලයන් ලියාපදිංචි කරන ලේඛනයේ සඳහන් වන්නේ යයි වින්දිතයන් වෙනුවෙන් පෙත්සම ගොනු කළ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.එස්.රත්නවේල් අධිකරණයේ අවධානයට යොමු කර ඇත.

තරුණයා අන්තිම වතාවට දැකගන්නට ලැබුනේ ඕමන්ත මුරපොලේදී බවත් ඉන් පසුව ඔහු අතුරුදන් වූ බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දක්වා තිබේ. 


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්