leader s

කටුනායක ගුවන්තොටුපලේ එයාර් කාර්ගෝ ටර්මිනල් (Air cargo terminal ) හි රාජකාරි කරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ (BOI) 'පොහොට්ටු' පක්ෂයේ වෘත්තීය සමිති සභාපතිවරයාගේ වැඩ තහනම් කිරීමට ආයතන බලධාරීන් කටයුතු කර ඇත.

වහාම ක්‍රියාත්මක වන පරිදි බලධාරීන් එවැනි පියවරක් ගෙන ඇත්තේ, සාමාන්‍ය කළමනාකරුවකු වන මෙම වෘත්තීය සමිති නායකයා  'පොහොට්ටු' පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂගේ සමීපතම හිතවතකු බව පවසමින්, ආයතනයෙන් ඔහුට නීත්‍යනුකුලව හිමිනොවන වාහන පහසුකම්, දුරකථන පහසුකම් ආදී වරප්‍රසාද රැසක් ලබා ගැනීම හා රාජකාරි වේලාවේදී 'අසභ්‍ය නිල් චිත්‍රපට ' නරඹා ඇතිබවට චෝදනා කරමිනි.

නියමිත රාජකාරි වේලාවෙන් පසු දිනපතා පැය කිහිපයක් අතිකාල රාජකාරි වල නිරතවන මොහු එම අවස්ථාවලදී 'නිල් චිත්‍රපට' බලමින් සිටින බවට ලද පැමිණිල්ලක් මත පරිගණක අංශය මගින් කළ විමර්ශනයකදී එම චෝදනා සනාථවී ඇතයි පැවසේ.

පොහොට්ටු දේශපාලනය විසින් සමාජගත කරමින් සිටින කුහක දේශපාලන සදාචාරය අනුව  'නිල් චිත්‍රපට' බැලීම බරපතල අපරාධයකි

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්