leader s

විවිධ පාර්ශ්වවල විරෝධතා සැලකිල්ලට ගෙන මාර්ග ගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනතට (ඔන්ලයින්) අදාළව සංශෝධන 47 ක් කැබිනට්

මණ්ඩලයට අද(12) ඉදිරිපත් කිරීමට නියමිතය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් මෙම සංශෝධන ඉදිරිපත් කෙරෙන්නේ එම පනතේ වගන්ති 47 ක් වෙනස් කිරීම සඳහාය.

මෙම සංශෝධන කැබිනට් මණ්ඩලයේදී අද බොහෝදුරට සම්මත වීමට නියමිතය. මේ අනුව සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් පසු පළමු වර කියවීම සඳහා බොහෝ දුරට පාර්ලිමේන්තුවට ලබන 20 වැනිදා ඉදිරිපත් කෙරේ.

එම පනතේ බොහෝ වගන්ති සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු බොහෝ පාර්ශ්වවල දැඩි විවේචන එල්ලවී ඇත. මෙම පනත් කෙටුම්පත සම්මත කරගත් ආකාරය සම්බන්ධයෙන් ද විපක්ෂ නායක ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක් පසුගියදා පාර්ලිමේන්තුවේදීද චෝදනා කළහ.

(lankadeepa.lk- සුජිත් හේවාජුලිගේ)


 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්