leader s

පාර්ලිමේන්තුවේ ඉහළ නිලයකට උසස් කෙරුණු නිලධාරිනියක එම උසස්වීමදී පැය 24ක් යන්නටත් පෙර ඉන් ඉවත් කිරීමේ සිද්ධියක් වාර්තාවේ.

ඇයගේ අංශයේ දෙවැනි නිලයට පත් කෙරුණු නිලධාරියාගේ නිවෙසට ගොස් ඔහුට විවිධ බලපෑම් කරන ලදැයි කියන සිද්ධියක් පදනම් කරගෙන ඇය එම තනතුරින් මෙසේ ඉවත් කර ඇත.

බලපෑමට ලක් වූ නිලධාරියා ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මහ ලේකම් නීතිඥ කුෂානි රෝහණදීර ට දැනුම් දීමෙන් පසු ඇය මෙම පියවර ගෙන ඇත.

දෙවෙනි නිලයට උසස් කෙරුණු පුද්ගලයා සම්බන්ධයෙන් පෙර කී නිලධාරිනිය නොසතුටට පත්ව සිට ඇති අතර එම නිලධාරියාගේ නිවසට ඉකුත් සෙනසුරාදා ගොස් ඇති මෙම නිලධාරිනිය " තවත් අය ඉද්දි ඔයා කොහොමද මේ තනතුරට එන්නේ" යනාදී පවසා දෝෂාරෝපණය කර ඇතැයි දැනගන්නට ඇත.


(lankadeepa.lk- සුජිත් හේවාජුලිගේ)


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්